විවිධ අවස්ථාවල ඉතාලියේ රැකියා සඳහා ශ‍්‍රී ලංකාවෙන් සංක‍්‍රමණයවී පසුව එරට පුරවැසිභාවය ලැබූ ශ‍්‍රී ලාංකිකයන් හයදෙනකු මෙවර ඉතාලියේ නගර සභා මැතිවරණය සඳහා තරග වැදීමට ඉදිරිපත්ව සිටිති.


ශ්‍රී ලාංකික සම්භවය සහිත මෙතරම් පිරිසක් එරට මැතිවරණයකට තරගවදින්නේ ඉතිහාසයේ පළමු වතාවටය.
ශ්‍රී ලංකාවෙන් ගොස් ස්ථිර පදිංචිය සහිතව බොහෝ පිරිස් වාසය කරන ඉතාලියේ මිලානෝ සහ නාපෝලි නගරයේ ඡන්ද කොට්ඨාශ වලට මෙම අපේක්ෂකයින් තරග කරන බවද වාර්තා විය.
අපේක්ෂකයින් හතර දෙනෙක් මිලානෝ නගරයේ ඡන්ද කොට්ඨාශ හතරක් සඳහා තරග වදින අතර දෙදෙනෙක් නාපොලි නගරයේ ඡන්ද කොට්ඨාශයක් සඳහා තරග කරති.


 අංක 07 කොට්ඨාශයට ධම්මිකා චන්ද්‍රසේකර, අංක 05 කොට්ඨාශයට රෝයි ගංගා, අංක 07 කොට්ඨාශයට ක්‍රිස්ටෝපර් දඹගේ, සමස්ත කොට්ඨාශ 09 සඳහා ක්‍රිස්ටිනා ගිත්මි මැතිවරණ තරග බිමට පිවිස ඇති අතර
 ඇන්ජලි අලහකෝන් සහ රවින්ද්‍ර නාපොලි නගර සභාවට තරග වදිති.
ඉතාලියේ නගරසභා  ඡන්ද විමසීම හෙට 03 දා සහ අනිද්දා 04දා පැවැත්වෙයි.