Malaysian-government-employees-fired-for-not-vaccinating

මැල්සියාවේ COVID-19 එන්නත්කරණ වැඩසටහන වෙත දායක නොවන එරට රජයට අයත් දෙපාර්තමේන්තු තුළ සේවය කරන රජයේ සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හෝ ඔවුන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි 

එරට බලධාරින් සදහන් කරයි. ලබන නොවැම්බර් 01දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය දැඩි ලෙසක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටියි. දැනටමත් මැලේසියානු මහජන සේවා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිය වෙබ් අඩවිය තුළ නිවේදනයක්ද නිකුත්කර තිබේ. ඒ අනුව සියලුම  රජයේ සේවකයන්ට අදාළ දිනට පෙර සිය COVID-19 මර්දන එන්නත මාත්‍රාවක් හෝ ලබාගැනීම අනිවාර්ය බව සදහන් කෙරී තිබේ.

මැලේසියාවේ ෆෙඩරල් මහජන සේවා නිලධාරින් තුළ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ කටයුත්ත යටත් මෙම නියෝගය ලබා දී තිබේ. ඒ අනුව මෙම ප්‍රතිපත්තිය සම්පූර්ණ කිරීමට අපොහොසත්වන පිරිස සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීම හෝ ඔවුන්ගේ සේවය අත්හිටුවීමක් හෝ සිදුවන බව මෙහි වැඩිදුරටත් සදහන්වෙයි.මීට පෙර පසුගිය සැප්තැම්බර් 30දා නිවේදනයක් නිකුත්කර තිබූ මැලේසියාවේ රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුව සියලුම රජයේ සේවකයන් නොවැම්බර් 01දාට පෙර මෙම COVID-19 මර්දක එන්නත් ලබාගත යුතු බව දැනුම්දී තිබුණි.