egyptian-journalists-phone-stolen-during-live-broadcast

ෆේස්බුක් ඔස්සේ සජීවී ප්‍රවෘත්තියක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදියෙකුගේ ජංගම දුරකථනයක් ඊජිප්තුවේ සොරෙකු සොරකම් කිරීමට සම්බන්ධ වීඩියෝවක් විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.


පාරේ සිට භූමි චලනයක් සම්බන්ධ විස්තරයක් ගෙන එමින් සිටි මාධ්‍යවේදියාගේ අතින් උදුරා දුරකථන සොරකම සිදුවන අවස්ථාවේ එම වීඩියෝව 20000 කට අධික පිරිසක් නරඹමින් සිටි අතර සොරා එක්වරම ෆෝන් එක ඕෆ් නොකර සිය යතුරු පැදියේ තබාගෙන ඉදිරියට ගමන් කරන්නේය. මේ හේතුවෙන් සජීවී විකාශය නරඹමින් සිටි පිරිසට සොරාගේ මුහුණ හඳුනාගත හැකිවිය.

සොරා සිගරට් බොමින් සජීවි විකාශය කරමින් සිටියේය. මෙම වීඩියෝ පටය මිලියන 7 කට වඩා වැඩි පිරිසක් නරඹා ඇත. මේ ගැන දහස් ගණන් අදහස් ද පළවිය.

පසුව වාර්තාවූයේ මෙම සජීවී රූප නිසාම සොරාව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් දුරකථනය යළි මාධ්‍යවේදියා වෙත ලැබුණ බවත්ය.
පොලිසිය සොරා අත්අඩංගුවට ගත් පසු ඊජිප්තු නීතිය අනුව සොරකමට භාවිතා කළ යතුරුපැදිය රාජසන්තක කළේය. පොලිසිය පැවසුවේ සොරා රැකියා විරහිතව සිටි අයෙකු බවයි. ඔහු දුරකථනය පොලිසියට හසු වීමටත් පෙර ව්‍යාපාරිකයෙකුට විකුණා දමා තිබූ බවද සැලවිය.
සොරකම සිදුවන අවස්ථාවේ දුරකථනයෙන් විකාශයවූ සජීවී රූප වීඩියෝව පහතින්
(Gossiplankanews.com)