විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා ඔන්ලයින් දින වේලා වෙන් කරන ක්‍රමයක් හදුන්වා දුන් නමුත් අදික තදබදයව නිසා දිනයක් වේලාවක් වෙන්කර ගෙන ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්රමයද මේ වන විට අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම ඔක්තෝබර් මාසය අවසන දක්වා සම්පූර්ණ වී ඇති අතර ලබන මාසයට මීළඟ දින ලබා දීමේ අවස්ථාව දැන්ම අරභන්නේ නැති බව දෙපාර්තමේන්තුව දන්වා ඇත.
මේ ක්‍රමය යටතේ දිනකට ගමන් බල පත්‍ර 1000ක් පමණ නිකුත් කරන අතර දිනකට ගමන් බලපත්‍ර 4000ක් පමණ ඇයැදුම් කරන බව දෙපාරතමෙන්තුවේ නිලධාරීන් පවසයි. නමුත් පසුගිය 18 වැනිදා මෙම ප්‍රමාණය 4700ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට දැඩි තදබදයක් තිබුණද එළැඹෙන නොවැම්බරයේ සිට මෙම තත්ත්වය පහව යනු ඇතැයි තමා විශ්වාස කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් මහතා සඳහන් කරයි.
0 Comments