මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරඟයේදි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ සිව් වන වරටත් ශුරයන් වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ⁣ඊයේ රාත්‍රී සමත්විය.
කාසියේ වාසිය ජයග්‍රහණය කර කොල්කටා නයිට් රයිඩර්ස් නායක Eoin Morgan ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළ පසුව ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 192 ක් රැස් කරන ලදි.


චෙන්නායි කණ්ඩායමේ නැංගුරම බවට පත් වෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ Faf du plessis පන්දු 59යක් තුළ වේගවත් ලකුණු 86ක් රැස් කළේය. Robin Uththappa පන්දු 15ක් තුළ වේගවත් ලකුණු 31ක් රැස් කළේය.
Moin Ali පන්දු 20ක් තුල වේගවත් ලකුණු 37 ක් රැස් කරන ලදි.

 ලකුණු 193ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 165කි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් Shubman Gil සහ Venkatesh Iyer එක්ව ලකුණු 91 සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ අතර Shubman ලකුණු 51ක් සහ Venkatesh Iyer ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.
තරඟයේ වීරයා සම්මානය හිමි වූයේ Faf Du Plessisටය.



ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වූයේ ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් ඉතිහාසය අවස්ථා හතරක දී ම ශූරතාවය  හිමිකරගැනීමට සමත් වෙමිනි.

මෙම ජයග්‍රහණයත් සමග ශුරතා සටහනේ චෙන්නායි කණ්ඩායම දෙවන වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පමණයි.

මුම්බායි මින් ඉහත  IPL ශූරතා පහක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණි.