covid19-death-embilipitiya

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදී පසුගිය මැයි මස 10මියගිය ව්‍යාපාරිකයෙකුගේ මරණය කෝවිඩ් ආසාදිතවීමකින් බවට සාවද්‍ය ලෙස දක්වා සිරුර ඥාතීන්ටද නොපෙන්වා වගකීම් විරහිතව ආදාහනය කරන ලද බවට  ව්‍යාපාරිකයාගේ පියා විසින් ඇඹිලිපිටිය පොලීසියට පසුගිය 14දා පැමිණිල්ලක් කර ඇත. මෙම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් වාර්තාව පදනම් කරගෙන මෙම පැමිණිල්ල සිදු කර ඇත. පැමිණිල්ලට සමගාමීව ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමතිවරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටද පිටපත් සහිතව ලිපියකින්ද මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ සහ ලිපියවා ඇත්තේ ඇඹිලිපිටිය, නව නගරයේ වැව් ආසිරිගම පදිංචිකරුවකු වූ ඩී. ප්‍රේමරත්න යන අයයි.  ඩී. සුරංග කුමාර (38) යන තමන්ගේ බාල පුතා 2021 මැයි මස 10දා ඇති වූ ක්ලාන්ත ගතියත් හේතුවෙන් එදින සවස 6.00ට පමණ ඇඹිලිපිටිය මහරෝහලට ඇතුළත් කළ බව

ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සදහන්වෙයි. රාත්‍රී නවයට පමණ පීසීආර් පරික්‍ෂණයකට සාම්පල් ලබා ගැනීමේදි අපහසුවෙන් දගලා පුතා මියගිය බවද ලිපියේ සඳහන් විය.තම පුතා කෝවිඩ් ආසාදිතයකු බවට නිගමනය කරමින් නිරෝධායන නීති යටතේ පසු දින ආදාහනය කළ බවත් සිරුර පවුලේ කිසිවෙකුට හෝ නොපෙන්වූ බවත් ලිපියේ දැක්වේ. පුතාගේ මරණය සම්බන්ධයෙන් නිතුත් කළ මරණ සහතිකයේද කෝවිඩ් රෝගය නිසා සිදුවූ මරණයක් බව සදහන්කර ඇතැයිද ලිපියෙන් කියා සිටියි. පුතා මියගිය පසු තමන් සහ තම බිරිඳ ඇතුළු පවුලේ සමීතමය දින 21ක් නිරෝධායනයට ලක්කළ බවත් එම කාලවකවානුවේ තම පවුලේ දුක සැපද, බැලීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවූ බවද ලිපියෙන් දක්වා ඇත.

හේතුව කෝවිඩ් ආසාදිතව පුතා මියයාම නිසා විය හැකි බවත් තම පවුලේ අය නඩත්තු කළේ පුතා බවත් ඔහුගේ මරණය හේතුව තවමත්, තම බිරිද ඇතුළු පවුලේ සාමාජිකයන් දැඩි ආර්ථික අහසුතාවකින් පෙළන බව ලිපියේ දක්වා ඇත.පුතාගේ මරණය සම්බන්ධව පීසීආර් ආවාර්තාවක් තමන්වෙත නොලැබුණ නිසා තොරතුරු දැනගැනීමේ පනත යටත් 2021-10-07 දින පුතාගේ පීසීආර් ආවාර්තාව ඇඹිලිපිටිය දිසා මහරෝහලෙන් ලබා ගත් බවද එහි සදහන් වෙයි. එම වාර්තාවේ කෝවිඩ් රෝග ලක්‍ෂණ නොමැති බව සදහන් වන්නේ යයිද ඩී. ප්‍රේමරත්න මහතා යැවූ ලිපියේ සදහන් කර එම වාර්තාවේ පිටපතක්ද අමුණා යවා ඇත.තම පුතාගේ මරණය ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයේ අයගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා සිදු වූවක් බව තම විශ්වාසයයිද ලිපියේ දක්වා ඇත.



 ඒනිසා වගකීම් විරහිතව ක්‍රියා කළ රාජ්‍ය නිලධාරින් සහ සේවකයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර ගැනීමට කාරුණික අවධානය යොමු කරවන ලෙසද ජනාධිපතිවරයාටයවූ ලිපියේ දැක්වේ.ඇඹිලිපිටිය දිසා මහ රෝහල මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයෙක් පැවසුවේ මේ කියන රෝගියා ජීවත්ව සිටියදී කළ පීසීආර් වාර්තාවේ ඔහුට කෝවිඩ් ආසාදිතව ඇති බව සදහන් ඇති බව සත්‍යයක් බවයි. එම පිසීආර් ආවාර්තාව ජිවතුන් අතර සිටියදී රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදු කළ එකක් බවද එම ප්‍රකාශකයා පැවසුවේය.එහෙත් එම රෝගියා මියගිය පසු ඔහුට කළ රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂණයක් කොවිඩ් ආසාදිත බව තහවුරු ඇතැයිද කීය. බොහෝ අවස්ථාවල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ කරනු ලබන පිසීආර් වාර්තාවල ආසාදිත බව සදහන් නොවුණද රෝගියෙක් මියගිය පසු කරනු ලබන ආර්.ඒ.ටී (රැපිඩ් ඇට්‍රජන් පරික්‍ෂණ) කෝවිඩ් ආසාදිත බව පෙන්වන්නේ යැයිද කීවේය. මෙම මරණයේදීද සිදුව ඇත්තේ එවැනි තත්වයක් බවත් වෛද්‍යවරු හෝ කාර්යමණ්ඩලය වගකීම් විරහිතව ක්‍රියාකර නැති බවත් සදහන් කළේය.

(අජිත්ලාල් ශාන්තඋදය)-