විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි.
කොවිඩ් -19 වෛරසයට එරෙහි දිගු කාලීන සටනකින් පසු අපට සංචලනය වීමේ නිදහස සහ සමාජ ඒකාබද්ධතාවය දැනෙන්නට පටන් ගෙන ඇත. කොවිඩ් රහිත ශ්‍රී ලංකාව යන පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපේ රට මෙහෙයවීමට අතිගරු ජනාධිපතිතුමාට සහ කොවිඩ් පාලනයේ අනෙකුත් සියලුම ක්‍රියාකාරී ගත් උත්සාහයට අපි ආචාර කරමු.
කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාවගේ සමහර කණ්ඩායම්වල වගකීම් විරහිත සහ උදාසීන ආකල්පය කොවිඩ් -19 හි තවත් උච්චාවචනයක තර්ජනය මතුකර තිබේ.
එවැනි හැසිරීම් හේතුවෙන් අප දැනටමත් අත්කර ගෙන ඇති දේ අඩපණ කරනවා පමණක් නොව සෙසු සාමාන්‍ය ජනතාවටද වැරදි සංඥා ලබා දේ. වගකීම් විරහිතව මේ ආකාරයෙන් දිගටම ක්‍රියා කළහොත් තවත් කොවිඩ් 19 රැල්ලක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
මේ වන විටත් රටේ බැට කෑ ආර්ථිකය මිනී පෙට්ටියේ අවසන් ඇණ ගසමින් සිටින අවස්ථාවක් බව අප සැවොම තේරුම් ගත යුතුය.
සංචරන සීමා සඳහා රජය ගත් සියලු පියවර අනුමත කරන අතරම, වෘත්තීය සංවිධානයක් වශයෙන් අපි රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් -19 උවදුර අවසන් කිරීම සඳහා මෙම තීරණාත්මක කාලය තුළ වගකිව යුතු හැසිරීමකින් කටයුතු කරන ලෙසයි.
වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු (සභාපති)
වෛද්‍ය ආර්.ඥානසේකරම් (ලේකම්)
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
0 Comments