eighty-club-pub-launch
ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) සමාජ ශාලාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) රාත්‍රියේ දී විවෘත විය.

මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය එයිටි ක්ලබ්” (80 Club) නමින් හැඳින්වෙයි. පසුකලෙක එය මෙලෙසින්  කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත වී තිබේ.


1971 කැරැල්ල හේතුවෙන් එවකට රජය මෙම භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දුන්නේය. 1978 රජය යටතේ  එයිටි ක්ලබ් සඳහා නැවත අවසර ලැබිණි.
2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා තුරුම එහි නඩත්තු කටයුතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ ක්‍රියාත්මක විය.
2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමෙන් අනතුරුව එයිටි ක්ලබ්  ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේය.
 වර්තමානයේ අලංකාරවත් නිමාවක් එයිටි ක්ලබ් සඳහා ලැබී තිබේ. මෙහි ඇති පහසුකම් තවත් වැඩි දියුණු කරමින් ආගන්තුක සත්කාරයෙන් අනූන වෝටර්ස් එජ් තරු පංතියේ හෝටල් අත්දැකීමක් එයිටි ක්ලබ් ඔස්සේ ලබා දීම රජයේ සැළසුම බව සඳහන් කරන ලදි.