බුලත්කොහුපිටිය තුම්බාගේ තේ කඩයක මුදලාලි සහ කපුටකු අතර කලක පටන් ඇති වූ මිතුදමක් පිළිබඳව පුවතක් අසන්නට ලැබිණි. ඩී.එම්. සිසිර සේනාරත්න මහතා විසින් එම තේ කඩය පවත්වාගෙන යන අතර
මීට වසර දෙකකට පමණ ඉහතදී මෙම කපුටා සමග මිතුදමක් ඇති වී තිබේ. සෑම දිනකම උදෑසන 5.30 පමණ මෙම කපුටා කඩය අසලට පැමිණ කෑ ගසමින් තමන් අවදි කරන බවත් ඒ මොහොතේ සිට තමා කඩේ වැඩ පටන් ගන්නා බවත් සේනාරත්න මහතා පැවැසීය.
මේ පිළිබඳව සේනාරත්න මහතා මෙසේ කීය. “දිනක් මේ කපුටා පාන්දර මගේ කඩේ අසලට ඇවිත් කෑ ගසන්නට පටන් ගත්තා. බඩගිනි ඇති කියලා හිතලා මා පරාට වගයක් කන්න දුන්නා. එදා ඉඳන් මේ කපුටා මා සොයාගෙන මගේ කඩේට එනවා. දිනකට හතර පස් වතාවක් ඌ මගේ කඩේට එනවා. මම පරාට, රෝල්ස්, එළවළු රොටී වගේ දේවල් කන්න දෙනවා.
0 Comments