විවාහ දිනයේ මනාලියට පැළදවීම සඳහා ව්‍යාපාරිකයකුගේ නිවෙසකින් රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනා රන්භාණ්ඩ කොල්ලකෑ තරුණයකු පෙරේදා (24) සවස ඕමත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
දිවා කාලයේ වවුනියාව, සුසෙයිපිල්ලයාර්කුලම ප්‍රදේශයේ නිවෙසක් බිඳ රන්හණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකදී සැකකරු හා සොරාගත් රන්භාණ්ඩද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකාර තරුණයා හා ඔහුගේ පෙම්වතිය විවාහවීමට සිට ඇති අතර විවාහ දිනයේ මනාලියට පැළැඳවීමට රන්භණ්ඩ අවශ්‍ය බවට නිරන්තරයෙන් පෙම්වතිය ඇවිටිලි කිරීම නිසාත් තමන්ට රන්භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමත් නිසා මෙම කොල්ලකෑම සිදුකළ බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. පොලිසිය පැවසූවේ සැකකාර තරුණයා කුලී රැකියාවක් කරමින් ජීවිකාව ගෙන යන අතර ඔහුගේ පෙම්වතිය වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවිකාවක ලෙස සේවය කරන බවත්ය.
පෙම්වතිය හමුවීමට පැමිණ යළි නිවෙසට ගමන් කරමින් සිටියදී ව්‍යාපාරිකයාගේ නිවෙස අහඹුලෙස දැක නිවසට රිංගා අල්මාරියේ තිබූ රන්භාණ්ඩ කොල්ලකෑම සිදුකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ව්‍යාපාරිකයාගේ නිවෙසෙහි තිබී රන්මාලයක්, සමග විවිධ ප්‍රමාණයේ මුදු කොල්ලකා ඇති බවද පැවසේ. අත්අඩංගුවටගත් සැකකරු ඕමන්ත , විලත්තිවෛත්යකුලම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
සිතුම් චතුරංග
0 Comments