ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ සංචාරය නිමවා යළි මව්බිමට ආ පසුව පෙරේදා විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වූයේය පැය හතරක් පමණ දීර්ඝවූ එම සාකච්චාව ආරම්භය සිදුව ඇත්තේ ජනපති සිය වැරදි අඩුපාඩු ගැන මුල්වරට කියූ කථාවකිනි.
‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති.
ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.
ඊළඟට කථාකළමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා
"අපෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඒ නිසා හිත් රිදවීම් වෙන්න ඇති. ජනාධිපතිතුමා කිව්වා වගේ අපි ඒ
සියල්ල අමතක කරලා එක කණ්ඩායමක් හැටියට ඉස්සරහට යමු" යැයි යෝජනා කර තිබේ.
අමාත්‍ය විමල් වීරවංශ මහින්දානන්ද අලුත්ගමගේ සහ ඩලස් අලහප්පෙරුමද මේ අවස්ථාවේ අදහස් පළකර කථාබහ කර තිබේ.
පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟවී ඇත.
0 Comments