ජපාන රජ පවුලේ සාමාජිකාවක වන මාකෝ කුමරිය සහ ඇගේ විශ්වවිද්‍යාල පෙම්වතා වන කෙයි කොමුරෝ අතර විවාහය ඊයේ ටෝකියෝ නුවරදී පැවැත්වුණි. දැනට වසර කිහිපයකට පෙර 2017 වසරේදී මෙම දෙපළ තමත් පෙම්වතුන් බවත්, විවාහවීමට අපේක්ෂාවෙන් සිටින බවත්
අනාවරණය කර තිබුණි.කෙසේ වෙතත් ජපාන රජ පවුලේ සාමාජිකයෙකුට සාමාන්‍ය ජනතාවගෙන් අයෙකු විවාහ කරගැනීම තහනම්ව පැවැති අතර, එසේ විවාහයක් සිදු කරගන්න නම් අදාළ සාමාජිකයාගේ රාජ්‍යත්ව පිළිගැනීම අහෝසිව යන බවත් සඳහන් විය. 30 හැවිරිදි වියේ පසුවන මාකෝ කුමරිය එරට නරුහිටෝ අධිරාජ්‍යයාගේ බාල සහෝදරයා වන ෆුමුහිටො කුමරුගේ දියණියද වෙයි. ජපාන රාජකීය පවුල් ඔටුන්න හිමි කුමරු ලෙස සැලකෙන්නේදෙ ෆුමුහිටො කුමරූය.සිය විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි මාකෝ කුමරිය,කොමුරෝ හැර වෙනත් කෙනෙකු මගේ ස්වාමියා වෙන්න බැහැ.
දෙදෙනාගේම හදවත් ආරක්ෂා කරගැනීම සදහා මෙම විවාහය සිදු කිරීම අනිවාර්ය දෙයක්ව පැවතුණා.” යනුවෙන් පවසා තිබේ.කෙසේ වෙතත් තමන් මෙම සබදතාව පිළිබදව සහ විවාහය පිළිබදව අනාවරණය කළ දිනයේ පටන් මේ දක්වා බොහෝ පිරිස් ඇති කළ ඒක පාර්ශ්වි කටකතා සහ කිසිදු පදනමක් නොමැති කතා හේතුවෙන් තමන් දැඩි ලෙස සිත් පීඩාවට පත්වූ බවද ඇය සදහන් කර ඇත.ද
ෙදෙනාම අද වනවිට එක්සත් ජනපද නීතිඥ සමාගමකට සේවය කරන අතර, ඉදිරියේදී ඔවුන් එක්සත් ජනපදයේ පදිංචිය වෙත යාමටද සූදානමින් සිටියි. සම්ප්‍රදායට අනුව ජපාන රාජකීය පවුල් කාන්තාවක් විවාහ වී පිටව යන අවස්ථාවේදී ඇයට එක්සත් ජනපද ඩොලර් මිලියන 1.35ක මුදලක් ප්රදානය කිරීම සම්ප්රදාය වුවත්, මෙවර මාක්ට එය හිමි නොවන බව පැවසෙයි. මෙම විවාහය පිළිබඳව අදහස් දක්වා ඇති කොමුරෝ,
"මම මාකෝට ආදරෙයි. අපිට ලැබෙන්නේ එක ජීවිත කාලයයි. ඒ ජීවිතයේදී අපි ආදරය කරන, අපිට ආදරය කරන අයත් එක්ක ගතො කරන්න ඕනේ.” යනුවෙන් පවසා තිබේ.එසේම පසුගිය කාලසීමාවේදී මාකෝ සම්බන්ධයෙන් පැතිර ගිය වැරදි තොරතුරු සහ කටකතා හේතුවෙන් ඇය පත්ව සිටි අයහපත් මානසික සහ කායික තත්වය පිළිබදව තමන්ට දැඩි කනස්සල්ලට පත්වන බවත් කොමුරෝ සදහන් කර ඇත.
0 Comments