පිලිපීනයේ හිටපු සුප්‍රකට ජනාධිපතිවරයෙකු වන ෆර්ඩිනාන්ඩ් මාර්කෝන්ගේ පුත්‍රයා වන 64 හැවිරිදි ෆර්ඩිනැන්ඩ් බොන්ග්බොන්ග් මාර්කෝස් කනිෂ්ඨ එළඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව පවසා තිබේ. 

ඊයේ (05දා) සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. පිලිපීන ජනාධිපතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ. 1966 සිට 1986 වසර දක්වා පිලිපීනය පාලනය කළ මාර්කෝස් දූෂිත පාලනයක් ගෙන ගිය බව ඉතිහාසයේ සදහන් වෙයි. අවසානයේදී ඔහු එක්සත් ජනපදය වෙත පලා ගියේය. පිලිපීනයේ වත්මන් ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටෙර්ටේ එම ධුරයන් විශ්‍රාම යාමට නියමිතව සිටියි. ඒ වෙනුවට ජනපති සටන සඳහා ඔහුගේ දියණිය ඉදිරිපත් වන බව පවසා ඇත. මේ අතර පිලිපීනයේ කික් බොක්සිං ශූරයෙකු වන මිනී පැක්යෝද ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටියි.