මෙම තරුණයා පානදුර සහකාර පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන් හතරදෙනෙකුගේ නමින් ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර එම අයගේ සැබෑ ඡායාරූප සොයා ඒවාද යොදාගෙන වරින්වර යාවත්කාල කරමින් සිට ඇති අතර අවට ප්‍රදේශයේ කසිප්පු පෙරන්නන් ඇතුළු වංචාසහගත වැඩ සිදුකරන පුද්ගලයින්ගේ ගිණුම් වෙත පොලිස් නිලධාරී වේශයෙන් පණිවිඩ යොමු කර වරදට හසු නොකරනවාට අල්ලස් ඉල්ලා ඒවා පුද්ගලික ගිණුම් වලට යොමු කරවාගෙන ඇත. එහිදී සාමාන්‍ය පොලිස් නිලධාරීන් හා සහකාර පොලිස් අධිකාරී ඇතුළු සියලු අය විවිධ ලෙස ලබාදෙනපනිවිඩ ආකාරයට පෙනී සිටිමින් අදාළ අයට සැකයක් ඇති නොවන ලෙස බියගන්වා ඇත.
ඔහුගේ පනිවිඩ නිසා බියවූ අය මුදල් ගෙවා ඇත.
මේ ආකරයට කාලයක් තිස්සේ මුදල් උපයමින් කාලය ගත කරද්දී ඇතිවූ සැකය මත එක් අයෙකු කළ පැමිණිල්ලකින් අදාළ ගිණුම් හිමි අය කවුදැයි විමර්ශනයක් පොලිසිය සිදු කළ අතර ඒ අනුව වරදකරු හසුව තිබේ.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචා කළ සැකකරු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි රවිදු කල්හාර (අවු.18) නමැත්තෙකි.
ඔහු අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළද ඇප නොලැබිණි.
නොවැම්බර් මස 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවදුරුගොඩ මහතා ඊයේ (25දා) නියෝග කළේය.
0 Comments