පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක හා රාජපක්ෂ පවුලේ ඥාති දියණියක වන නිරුපමා රාපපක්ෂ මහත්මිය පැන්ඩෝරා අනාවරණය සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සිටි නමුත් මේ වනවිට වාසය කරන්නේ ලන්ඩනයේය.
ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා අනාවරණය ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්න පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටි අතර ඒ ගැන ජනපතිට ලිපියක් ලියා ටිකකට පසු ජනපති මේ ගැන පරීක්ෂණ අරඹන්නට නියෝග කළේය.
එකී නියෝගය දෙන්නට පෙර දිනයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය ලන්ඩන්හි සිය දරුවන් සිටින නිවසට ගොස් තිබේ. මෙම පවුලේ අය ඉහළ මට්ටමේ ධනවතුන් ලෙස හැසිරෙන අතර රටරටවල් වල ව්‍යාපාර බැංකු ගිණුම් ඇති අයයි. වරින්වර රට රටවල් වලට ගමන් කරනුයේ සාමාන්‍ය ගමන් බිමන් යන ආකාරයටය. මේ හේතුවෙන් ඇයගේ ලන්ඩන් ගමන ප්‍රශ්නයෙන් පැනයාමට උත්සාහ කිරීමක් ලෙස අර්ථ ගැන්වීම අසීරුය.
අද දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණ නොපැකිළව කට උත්තර දෙන්නට තිරුකුමාර් නඩේසන් කටයුතු කළ අතර ඔහු වටකරගන්නට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් හෝ නොදී ඔහු වාහනයෙන් කොමිෂන් ගොඩනැගිල්ල ඇතුළටම ගියේ මාධ්‍යවේදීන්ට ගේට්ටුව අවහිර කර තිබූ පසුබිමකය.
පැය 3 කට පසු ඔහු යනතුරු බලා සිටි මාධ්‍ය කණ්ඩායම ඔහුගේ දසුනක්වත් සොයානොගෙන ඔහු ඉගිල්ලෙන අයුරු වීඩියෝ කර තිබුණි.
මීට වසර කිහිපයකට පෙර අල්ලස් කොමිසමට ප්‍රභූන් දේශපාලකයින් පැමිණ කටඋත්තර දී මෙසේ නිදහසේ නොගිය අතර රටේ ප්‍රධාන නාලිකාවල කැමරා කණ්ඩායම්වල ප්‍රශ්න කිරීම් වලට හසුවූ අතර පසුව හැන්දෑවේ ප්‍රධාන ප්රවෘත්තිවල විශේෂ ඉඩක්ද වෙන්කරමින් ප්‍රචාරය විය.
මේ වනවිට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති නිරූපමාද ඉදිරියේ පැමිණ මෙම කොමිසම හමුවේ කටඋත්තර දෙනු ඇතැයි වාර්තා පළවේ.
0 Comments