paduru-party-murder

පැදුරු සාජ්ජයක් අතරතුරදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් දෙදෙනකු තුවාල ලබා දෙදරු පියකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ඊයේ (21දා) තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  තංගල්ල, මාගම්පුර ප්‍රදේශයේ පදිංචි 23 - 30 හැවිරිදි වියේ පසුවන තිදෙනකු මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.



තංගල්ල මහර ප්‍රදේශයේ නිවෙසකදී ඉකුත් (12දා) පැදුරු සාජ්ජයක් පවත්වා ඇති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යනමෙන් සිදු වූ පහරදීමකින් කාන්තාවක ඇතුළු තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මොවුන් අතරින් බරපතළ තුවාල ලැබූ අයකු වැඩිදුර  ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යවා ඇති අතර දින තුනකට පසු ඔහු එම රෝහලේදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.මාගම්පුර ප්‍රදේශයේ පදිංචි ඔලුක්කු පටබැදිගේ ආරියදාස නම් 67 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇති බවද පොලීසිය පවසයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයකු එදිනම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැගව සිටි බව කියන දෙදෙනකු ඊයේ (21දා) රන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

(අනිෂා මානගේ)