pahanthudawa-court

බලංගොඩ  පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර පසුගියදා ආන්දෝලනයක් ඇති කළ යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් වසර 7 කට අත්හිටුවමින් අද දින අධිකරණය නියම කෙරිණි.


මෙම ‘අත්හිටවූ සිර දඩුවම‘ අනුව ඔවුන් සිරගත වන්නේ නැති අතර එවැනි වරදක් වසර 7 ක් තුළ යළි සිදු කර හසුවුවහොත් සිරයට යනු ඇත.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකිරීම ගැන
බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවේ ඔවුන් වරද පිිළිගත් බවද අධිකරණයෙන් වාර්තාවේ.
නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ නිර්මාණය කර අන්තර්ජාලය තුළින් මුදල් ඉපැයීමට ඔවුන් කටයුතු කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය.
පහන්තුඩාව පමණක් නොව දිවයින පුරා ස්ථාන ගණනාවක ඔවුන් මෙවැනි රූගත කිරීම් රහසිගතව සිදු කර අන්තර්ජාලයට එක්කර තිබුණ නමුත් මෙම නඩුවේදී සලකා බැලුයේ මෙම පහන්තුඩාවට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දම්සක් පදනමේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් කළ පැමිණිල්ලයි.