වයස අවුරුදු 20ට වැඩි මෙරට සියලුදෙනාට තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇතැයි
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද දන්වා සිටියේය.
පළමු එන්නත් හා දෙවන එන්නත් ලෙස සයිනොෆාම්, ස්පුට්නික්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනිකා හෝ ෆයිසර් ලබගත් අය ශ්‍රී ලංකාවේ සිටින අතර රාජ්‍ය ඇමතිවරයා සදහන් කරන්නේ ඒ සියලුදෙනාට තෙවැන්න
සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇණවුම් කිරීමට තීරණය කළ බවයි.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙම කාරනාව පැහැදිලි කිරීමට හේතුඉදිරිපත් කර නැත.
ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ලබාදුන් සයිනොෆාම් එන්නත සාර්ථකනොවූ බවට විවේචන පැනනැගි අතර මින් ඉහත සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ වයස 50 ට වැඩි අය එම එන්නතින් ආරක්ෂා නොවූ බවයි.
පසුගිය සතියේ වාර්තාවූයේ ලංකාවේ සිට මැදපෙරදිග රටවලට පිටත්වන ශ්‍රී ලාංකිකයින්ට ෆයිසර් ඒන්නත් ගසාගෙන එන්නැයිද දන්වා තිබූ බවකි.
0 Comments