වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (15) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී
තවදුරත් රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිලිබඳ අවධානය යොමු කර එම ස්ථාන හුදෙකළා කිරීමට කටයුතු කල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙයි.
කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ අධ්‍යනය කළ බවද ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කර ඇත.
ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලැබීමට නියමිත අතර මේ වන විට ඇනවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බව කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේය.
0 Comments