පෞද්ගලික අංශ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 ලෙස නීතිගත කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබේ.
එම වයස නීතිගත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට නීතිපතිවරයාගේ සහතිකයද ලබා දී ඇත.ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සේවකයන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පත, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද නියමිතය.මෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පුර්ණ වන සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා සහ වයස අවුරුදු 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටද නිර්දේශ කරමින් පනත ඉදිරිපත් කිරීමට නියමිතය.
පෞද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස දැනට පවතින්නේ වයස අවුරුදු 55 ලෙසය.
(නවෝද්‍යා පවනි)
0 Comments