covid19-government
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ගවලින් අත් වූ ප්‍රගතිය ආරක්ෂා කර තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරි සතිඅන්තයේ පළාත් අතර සංචරණය නවතන ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත. 
ඉදිරි සති අන්තය සමග එළඹෙන දීර්ඝ නිවාඩුවේදී ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචරණ සීමා උල්ලංඝණය කර ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බැවින් ඊට ඉඩ නොදෙන ලෙස පොලිසියට උපදෙස් ලැබී තිබේ. දිවයිනේ සියලු පළාත් මායිම් ආවරණය වන පරිදි සහ අධිවේගී මාර්ගයේ ද පළාත් සීමා මායිම් ඇතුලු සියලු පිටවීම් සහ ඇතුලුවීම් ස්ථාන ද කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ මෙහෙයුමක් ඒ අනුව ක්‍රියාත්මක කර ඇත.


පළාත් මායිම් පසුකොට ගමන් කරන සියලුම වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කරන අතර අවශේෂ පිළිගතහැකි හේතු ඉදිරිපත් කරන්නේ නැති අය නැවත හරවා යැවීමට උපදෙස් දී තිබේ.
පොලිසිය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ ඉදිරි දීර්ඝ සති අන්තයේ පළෘත් සංචරණ සීමා උල්ලංඝනය වන ආකාරයෙන් වන්දනා චාරිකා සහ විනෝද චාරිකාවල යෙදීමට කටයුතු නොකරන ලෙසටයි.
ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධ ස්ථාන විනෝද වන වෙරළ කලාප වැනි ස්ථානවල ගාල් කර ඇති රථ වාහන අංක තහඩු පරීක්ෂා කරන අතර නියමිත පළාතෙන් පැහැරව පැමිණ තිබෙන වාහන මෙමගින් හඳුනාගැනීමට කටයුතු කරනු ඇත.
අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකීමෙන් පත්වන අපහසුතාවන් මගහරවා ගැනීමට හැකියාව ලැබෙන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දැඩිව ක්‍රියාත්මක වනු ඇත.