ranil-nadeson-letter-2016

මේ දිනවල පැන්ඩෝරා පත්‍රිකාව නිසා ආන්දෝලනයක් ඇති කර තිබෙන  තිරුකුමාර් නඩේසන් අද දින ජනපති ගෝඨාභයට ලියුමක් ලියා කියා සිටියේ තමා අහිංසක බවත් තමාගේ නිර්දෝෂිභාවය තමා නම් කරන පරිදි විශ්‍රාමික විනිසුරෙකු යොදා පසිඳලා තහවුරු කරන ලෙසත්ය.
මීට ඉහත යහපාලන රජය පැවති සමයේ නඩේසන් මල්වාන නිවාස නඩුවට පැටළුනේය. එම අවස්ථාවේදීත් ඔහු රටේ අගමැතිවරයාට ලිපි ලියා ඇති අතර එය ඒ දිනවල මාධ්‍ය ඔස්සේ හෙළිව නැති නමුත් පැන්ඩෝරා පත්‍රිකා ප්‍රසිද්ධ කළ මාධ්‍ය කණ්ඩායම එම ලිපි ගොනුවද මෙවර කාන්දු කර තිබේ.


2016 දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තිරුකුමාර් නඩේසන් විසින් ලියන ලද පෞද්ගලික ලිපිය තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන ඇප ලබා දුන් මල්වාන මන්දිරයට අදාළව සටහන්ව ඇත.
මෙම ලිපිය තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර 2016 ඔක්තෝබර් 16 දිනැති දිනයකි. විශේෂත්වය නම් අත්අඩංගුවට ගත් දිනම ඔහුට ඇප ලැබීමය.

අත්අඩංගුවට ගැනීමට පෙර, ඔහු තමාගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කරමින්,  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලීක් වූ ලිපි ගොනු වල පෞද්ගලික ලිපියක් ලිවීය. නඩේසන් පැවසුවේ බැසිල් රාජපක්ෂ ඔහුගේ දේපළේ නිවසක් තනා ඇති බවට ප්‍රවෘත්ති කියවන තුරු තමා නොදන්නා බවයි. පසුව ඔහු "ඔහුගේ නමට හා කීර්ති නාමයට හානියක් නොවන පරිදි" ඉඩම විකුණා දමා ඇති බව පැන්ඩෝරා විමර්ශන කන්ඩායම දන්වා ඇත.

"මම අයුතු හෝ නීති විරෝධී කිසිවක් කර නැති අතර මාගෙන් සාධාරණයක් ඉටු නොවන බව අගය කරන මෙන් ඔබෙන් යහපත් ලෙස ඉල්ලා සිටිමි,"

නඩේසන් එම ලිපියේද සඳහන් කළේය.
මගේ ගනුදෙනු විනිවිද පෙනෙන ඒවා යයිද ඔහු කියා සිටියේය.

එම චෝදනා "යුක්තියේ උපහාසයට සමාන" බව ඔහු එම ලිපියේ සඳහන් කළේය.
එකී ලිපිය පහතින්

පෙර ලිපිය
මායි වයිෆුයි අහිංසකයි නිර්දෝෂියි එය සොයා නිවැරදි කර දෙන්න -  නඩේසන්ගෙන් ජනපතිට ලිපියක්