අඩි හතකුත් අඟලක් පමණ වන උස තුර්කි කාන්තාවක ජීවතුන් අතර සිටින උසම කාන්තාව ලෙස නව ගීනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ඇගේ උස සෙන්ටිමීටර 215.6 ක්  එනම් අඟල් 84.7 කි. 
රූමේසා ගෙල්ගි නමැති මෙම කාන්තාවගේ හැඩරුව තරමක් අසාමාන්‍ය වන අතර ඇය දුර්ලභ වීවර් සින්ඩ්‍රෝමය නම් රෝගී තත්වයක් මත උස යාම පාලනය නොවීම නිසා මෙවන් උසක් ලබා ඇත.

24 හැවිරිදි ඇය වැඩිපුරම භාවිතා කරන්නේ රෝද පුටුවක් වන අතර ඇය ඇවිදීමේ උපකාර රාමුවක් භාවිතා කළහොත් ඇයට ඇවිද යා හැකිය.



"සෑම අවාසියක්ම ඔබට වාසියක් බවට පත් කර ගත හැකි බැවින් ඔබ කවුරුන්ද යන්න ඔබම පිළිගන්න, ඔබේ හැකියාවන් ගැන දැනුවත් වී ඔබේ උපරිමය කරන්න" යනුවෙන් ඇය පැවසුවාය.

"ජීවතුන් අතර සිටින උසම කාන්තාව යන ගෞරව නාමය ලබාගෙන සිටින ඇයට
වියර් සින්ඩ්‍රෝමය සාමාන්‍යයෙන් උපත ලැබීමට පෙර සිටම මව්කුසේදී හිමිවන දුබලතාවකි.
 මාංශ පේශි තානය වැඩි වීම, ඇස් විශාල වීම, නළල පළල් වීම, පාද විකෘති වීම සහ අසාමාන්‍ය ලෙස විශාල කන් ඇති වීම වැනි දුර්ලභ රෝග පිළිබඳ මෙහිදී වාර්තා වෙයි.
මෙම තත්වයට නිශ්චිත හේතුව නොදන්නා නමුත් සමහර පර්යේෂකයන් සිතන්නේ එය ජාන උරුමයෙන් පැමිණෙන රෝගයක් විය හැකි බවයි.‍ෙ

ලොව උසම මිනිසා වන සුල්තාන් කොසෙන් ද තුර්කි ජාතිකයෙක් වන අතර 2018 දී අඩි 8 යි දශම 8 ක් (සෙන්ටිමීටර 251) ක් ලෙස මනිනු ලැබීය.

මෙතෙක් ජීවත් වූ ලොව උසම කාන්තාව ලෙස වාර්තාව හිමි කරගෙන ඇත්තේ 1982 දී මිය යාමට පෙර අඩි 8 යි අඟල් 246.3 ක් උස චීනයේ සිටි සෙන් ජින්ලියන් විසිනි. 
(ස්කයි නිවුස් ඇසුරිනි - Gossiplankanews.com)