sajith-speaks

ආණ්ඩුව තුළ බුද්ධිමතුන්ට, වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමාන කරන වන්දිභට්ටයන්ට ඒ
තැන හිමිව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. 

වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවට එදා පොරොන්දු වුණේ නොමිලේ පොහොර ලබාදෙන බව වුණත් අද වනවිට
පොහොර තබා ගොවිබිම් ටික පවා අහිමිකොට ඇති බවත් විපක්ෂ නායකවරයා  පැවැසීය.



බාල ගිවිසුම් ගසමින්, බාල පොහොර ගෙන්වමින් ගොවි ජනතාව නැත්තට නැති කිරීමේ කටයුත්තක් ආණ්ඩුව
සිදුකරන බවත් “මුඩුබිමක් වැඩබිමක්” කරනවා යැයි කියමින් පැමිණි ආණ්ඩුව සෞභාග්‍ය වෙනුවට අභාග්‍ය
රටට රැගෙනවිත් ඇති බවත් ඔහු කීය.

ගොවි ජනතාව අනාථ වී ඇති අතර ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය පවා අ¾දුරට හෙළා ඇති බවත්,
ජනතාවට වේලක් ඇර වේලක්වත් කන්න බැරි තත්ත්වයට රට පත්කොට ඇති බවත් විපක්ෂ නායකවරයා
ඊයේ(28දා) විල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැති ගොවි විරෝධතාවට එක්වෙමින් පැවැසීය.



මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න විසින් එම උද්ඝෝෂණය සංවිධානය කොට
තිබූ අතර, විපක්ෂ නායකවරයා විල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමටද සහභාගි විය.
 කිසිවකුට බරක් නොවී ජීවත්වුණු ගොවි ජනතාව කබළෙන් ළිපට ඇද දමා ආණ්ඩුව කළ මේ සාහසික
ක්‍රියාවලිය අමානුෂික බවත්  ජනතාවගේ කර මතින් ගොස් සුරසැප විඳින ආණ්ඩුවට ජන දුක නොතේරෙන
බවත් ඔහු අවධාරණය කළේය.

බුද්ධි මාරඹේ වැනි ප්‍රබුද්ධ උගතුන් නෙරපා හරින තැනට ආණ්ඩුව පත්ව ඇති අතර මහා ගොවිජන පවුරක්
නිර්මාණය කොට ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ජනතා අරගලය ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.