කාන්තාවක් සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ පළකළ යම් සිදුවීමක් සම්බන්ධව චෝදනා එල්ලවී සිටි තරුණයකුට මුන්දලම පොලිසියේ දී එම පැමිණිල්ල විභාග කරමින් සිටි පොලිස් නිලධාරීයා ඇතුළු පස් දෙනකු අමානුෂික අයුරින් පහර දුන් බව පවසමින් සැකකාර තරුණයා පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සදහා පෙරේදා (4) රාත්‍රියේ අතුළු වි ඇත.. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන රංජිත් තෙන්නකෝන් මහතාය.
මොහු තම ෆේස්බුක් පිටුවේ කාන්තාවකගේ නමක් සඳහන් කරමින් දේශපාලනඥයකු සම්බන්ධව පළ කර තිබූ සටහන සම්බන්ධව මෙසේ චෝදනා එල්ල වී තිබූ බව කියයි. මෙම සටහන මගින් තමන්ට අපහාසයක් සිදුවී ඇති බව පවසමින් පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් මුන්දලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබිණ. කෙසේ නමුත් මෙම පහර කෑමට ලක්වූ පුද්ගලයා පවසනුයේ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පැමිණිල්ල විභාග කරමින් සිටියදී අදාළ කාන්තාව ඉදිරියේදී දණ ගස්වා අමානුෂික අයුරින් පහර දුන් බවයි.
ඔහු පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එන්. ජයමහ මහතාට පෙරේදා (4) දින රාත්‍රියේ ඒ සම්බන්ධව පැමිණිලි කර තිබේ. පහර කෑමට ලක්වූ පුත්තලම දිස්ත්‍රික් ශ්‍රීලනිප මාධ්‍ය ලේකම් රංජිත් තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේ දී ඔහු මෙසේ කීය.
“මම සමාජ මාධ්‍ය තුළ පළ කළ පොස්ට් එකක් තමා මේ සිද්ධියට මුල්වී තිබුණේ. මෙය මෙම කාන්තාව එයාට කියලා සිතලා තමයි පොලිසියට පැමිණිලි කර තිබුණේ. ඒ අනුව මම පොලිසියට ගියා විභාගයට එන්න කියපු නිසා.
මට ජංගම දුරකථනයකින් කථා කරලා තමයි පොලිසියෙන් කියලා එන්න කිව්වේ. එහිදී මම පැමිණිල්ලට ගියා. මෙම ස්ථානාධිපතිතුමා තමා විභාග කරන්න සුදානම් වුණේ. ඒ වෙද්දි පොලිසියට ඇවිත් හිටිය කාන්තාව පේන්න සිටියේ නැහැ. ඒ නිසා ඕ.අයි.සී. මහත්තයා තවත් නිලධාරියකුට කතා කරලා කිව්වා මේ පැමිණිල්ල විභාග කරන්න සුළු පැමිණිලි අංශයට එක්කන් යන්න කියලා. එතුමා බොහෝම හොඳින් කථා කළා. නමුත් මේ පැමිණිල්ල විභාග කරපු අනෙක් නිලධාරින් මට පහත් ආකාරයෙන් බැණ වැදිලා "තොපිට වැඩිය චණ්ඩි අපි දැකලා තිබෙනවා. දැනගනින් පොලිසියට වැඩි චන්ඩි කොහෙවත් ඉන්න බෑ, තොට මදුරන්කුලිය ටවුමේදී වෙඩි තියලා මරණවා" කියලා තර්ජනය කළා. "ඒ මදිවාට මට විරුද්ධව පැමිණිලි කරපු කාන්තාව ඉස්සරහ මාව දණ ගැස්සුවා" යැයි ද ඔහු පැවසීය.
-හිරාන් ප්‍රියංකර ජයසිංහ-
0 Comments