එංගලන්තයේ එසෙක්ස් හිදී පසුගියදා කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් අමේස් මහතාට පිහියකින් ඇන මරා දැමූ බවට සැකපිට චෝදනා ලැබූ 25 හැවිරිදි අලි හර්බි අලි වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය. මොහු වසර දෙකකටත් පෙර සිට ත්‍රස්ත ක්‍රියාවන් සැලසුම් කිරීමට පටන් ගත් බව උසාවියේදී අනාවරණයවී තිබේ. මන්ත්‍රීවරයාට පිහියකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනා ලද
අලි මීට වසර දෙකකට පෙර සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ක්‍රමානුකූලව කටයුතු කර ඇති බවට කරුනු වාර්තා කෙරිණි. පැමිණිලිකරුවන් කියා සිටින්නේ අලි ඊනියා ඉස්ලාමීය රාජ්‍යයට (අයිඑස්) සංවිධානයට සම්බන්ධ බවයි.
පැමිණිලිකරු ජේම්ස් කේබල් පැවසුවේ සිකුරාදා අලි උතුරු ලන්ඩනයේ කෙන්ටිෂ් නගරයේ පිහිටි තම නිවසේ සිට දුම්රියෙන් ගමන් කර බෙල්ෆෙයාර්ස් මෙතෝදිස්ත දේවස්ථානයට පැමිනි බවය.
දහවල් 1.10 ට මන්ත්‍රීවරයාට පහරදීම ඔහු සිදු කළේය. ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පපුවට පිහියෙන් ඇන තුවාල කිහිපයක් සිදුවීම මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත.
ඝාතනයට ත්‍රස්තවාදී සම්බන්ධයක් ඇති බව හා එහි "ආගමික හා මතවාදී" අරමුණු හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බව චෝදනා ගොනුවෙහි දැක්වේ.
මන්ත්‍රීවරයාගේ ඡන්ද වාර්තාව පදනම් කරගෙන සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරවලට සහාය වීම සඳහා අයි එස් සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මිනිත්තු 13 ක පමණ කාලයක් පැවති නඩු විභාගයේදී අළු පැහැති සිර ඇඳුම් කට්ටලයක් සහ කළු පැහැති කණ්නාඩි පැළඳ සිටි විත්තිකරු ඔහුගේ නම, ලිපිනය සහ උපන්දිනය තහවුරු කළේය.
පසුව ඔහු දෑත් බැඳගෙන ඉඳගෙන ඉඳහිට බංකුව දෙසට නෙත් යොමු කළේය.
සිකුරාදා ඕල්ඩ් බේලි හි පැවති නඩු විභාගයක් පැවැත්වීමට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත් පෝල් ගෝල්ඩ්ස්ප්රිං වෙත හිස සැලුවේය.
සීපීඑස් හි නික් ප්‍රයිස් මීට පෙර මෙසේ පැවසීය: "මෙම ඝාතනය ත්‍රස්තවාදී සම්බන්ධයක් ඇති බව අපි අධිකරණයට ඉදිරිපත් කරන්නෙමු, එනම් එයට ආගමික හා මතවාදී කරුණු අභිප්‍රේරණ ඇත."
නඩු විභාගය ඉදිරියටත් පැවැත්වේ.
මෙම ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් වීම සමග බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව සම්බන්ධ නැවත අවදානමක් මතව ඇත.
අද රැස්වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවද ශ්‍රීමත් ඩේවිඩ්ට උපහාර දැක්වීය.
(මිරර් ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments