
අද (06) දින මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදීම ගුරු උද්ඝෝෂණ ක්‍රියාත්මක විය. මාතලේ, දඹුල්ල, නාඋල, ගලේවෙල, පල්ලේපොළ ලග්ගල ආදි නගරවල දී සාමකාමී අයුරින් මෙම විරෝධතා පැවැත්විණි.
දඹුල්ල නගරයට රැස්වු විදුහල්පති ගුරු සම්ගම් එකමුතුව නගර මධ්‍යදි විරොධතා පුවරු ඔසවවමින් විරොධතාවයක නිරත විය.
ඔවුන් පැවසුවේ වසර 24 ක් නොදුන්න ගුරු වැටුප් ලබාගන්නා තෙක් අඛන්ඩව මෙම උද්ගොෂණයේ නිරතවන බව පැවසීය.
ගුරු වරුන් වෙන් වෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු ඒ ඇම් ලොකුබඩා නියෝජ්‍ය විදුහල්පති තුමා පැවසුවේ වත්මන් රජය වැටුප් ලබා දෙන පවසා බලයට පැමිණි බවත් පලමු කැබිනට් රැස්වීමේදි එය දෙනබව පැවසුවද? අද වෙන විට ගුරු වරුන් රවටා ඇති බවයි.
(මහින්ද උදයසිරි)










Comments
Post a Comment
Your comment will be visible after approval