අද (21) දින ගුරු වර්ජනයට අභියෝග කරමින් රජයේ පාසල් වල වැඩ ඉතා හොඳින් සිදුවූ බව රජයේ මාධ්‍ය ආයතනයක් වන අයිටීඑන් සිය දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශයේදී වාර්තා කළේය.
කෙසේ වෙතත් එම ප්‍රවෘත්ති අංගය පුරාම ඔවුන් විදුහල්පතිවරුන්ගේ දෙමාපියන්ගේ හා ළමුන්ගේ හඩ කොටස් පෙන්වමින් වාර්තා කළේ ගුරුවරුන්ට යලි පැමිණෙන ලෙස කරන ඉල්ලීමයි.
කෙසේ වෙතත් සිරස ටීවී පුද්ගලික නාලිකාව වාර්තා කර සිටියේ අද දින ගුරුවරුන් නොමැතිකමින් පාසල් හිස්වූ අයුරුය. ඇතැම් පාසල් ඉබි යතුරු දමා වසා ඇති අයුරු එක්කෙනෙක් දෙන්නෙක් පමණක් පැමිණ සිටින අයුරු එහි වැඩි වශයෙන් වාර්තා විය.,
අදාළ ප්‍රවෘත්ති අංග දෙක පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval