ඔක්තෝබර් 01 දින කාලගුණ අනාවැකිය
2021 ඔක්තෝබර් මස 01 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2021 ඔක්තෝම්බර් මස 01 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක.
සුළඟ:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (10-30) පමණ වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තරමක් රළු විය හැක.
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2021 සැප්තැම්බර් මස30 දින සවස 04.00 ට නිකුත් කරන ලද අනාවැකිය
දිවයින ආශ්රිත පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැවින්, විශේෂයෙන් හෙට සහ අනිද්දා ( ඔක්තෝම්බර් 1 සහ 2) යන දිනවල, දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය
0 Comments