ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඉන්දියාවේ අතිශය ජනප්‍රිය රියලිටි තරගාවලියක් වන, 'බිග් බොස් 15' හි මේ සති අන්තයේ "නවරාත්‍රි විශේෂ" වැඩසටහනෙහි විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන බවට අද දින කලර්ස් ටෙලිවිෂන් නාලිකාවෙ ප්‍රචාරයන් සිදු විය. පටිගත කළ වැඩසටහන අද(9) රාත්‍රී 8 ට විකාශය වීමට නියමිතය.
සලමන් කාන් සමග ඇය එහිදී ඇගේ ගීතයේ කොටසක් ගායනා කරමින් ප්‍රේක්ෂකයින් සතුටට පත් කළාය.
ප්‍රථම වතාවට මෙවැනි ප්‍රසංගයට ගිය යොහානි "එය මට විශාල අත්දැකීමක් වුණා.. සල්මන් ඛාන් හමුවීම පුදුම සහගතයි,"පැවසුවාය.
යොහානි සල්මන් ඛාන් සමඟ අමතක නොවන අවස්ථා කිහිපයක් තිබුණ බවද සඳහන් කර ඇත.
“කරුණු දෙකක් තිබෙනවා.පළමුවෙන්ම මම ඔහුට ‘මැණිකේ මගේ හිතේ’ ඉගැන්වූවා.. දෙවනුව මම ඔහුගෙන් ගීතය ගයනවාදැයි ඇසූ විට ඔහු විමසුවේ ඇයි මම ගීත කිහිපයක් ගායනා නොකරන්නේ කියා...‘
“බිග් බොස්” පුදුමාකාර ප්‍රසංගයක් ඕනෑම වේලාවක එහි කොටස්කරුවෙකු වීමට මම කැමතියි. ”
“එය අතිමහත් අත්දැකීමක්. මෙම ගීතය සඳහා එවැනි ප්‍රතිචාරයක් ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි. ”
වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval