සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක මිල තවත් රුපියල් 177කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් අද තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1275කි.


පසුගිය ඔක්තෝම්බර් මස මුලදී රුපියල් 1005 ට තිබූ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1093 ක් කර තිබුණි.

සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මෙලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මෙම මිල ඉහළයවාමෙන් පසු අද ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා තිබූ අතර පාරිභෝගිකයින් කළ පැමිණිලි වලින් පසු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ රුපියල් 1375 දක්වා ඉහළ දමා ඇති සිමෙන්ති සමාගම් එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු  කරගත් බවයි.