අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට ඊයේ වනතුරු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් ළමුන් ඇතුළු පස් දෙනෙකු මියගොස් ඇත.


කෑගල්ල - කොදපොලුව ප්‍රදේශයේ මා ඔයේ බෝට්ටු පදින්න ගිය 18 හැවිරිදි තරුණයෙක් අද පස්වරුවේ මිය ගොස් තිබේ. අද උදෑසන රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් 36 හැවිරිදි මවක, ඇයගේ 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි තවත් ඥාති සහෝදරයෙකු ජීවිතක්ෂයට පත්විය.
අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන 40 හැවිරිදි පියා මේ වන විටත් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
නායයාමට පෙර ප්‍රදේශවාසීන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊයේ දන්වා තිබූ නමුත් ඉවත් නොවූ නිසා මේ අනතුර සිදුවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේය.
ඊයේ රාත්‍රියේ අලව්ව, වන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තවත් තරුණියකද ජීවිතක්ෂයට පත්විය.
 බදුල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි. ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල තවදුරටත් වැසිතත්වය ඉහළ අගයක් පවතින අතර,

දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක පුද්ගලයින් 28,263කට අධික පිරිසක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය
තද සුළං, ගල් පෙරළීම් සහ නායයෑම් හේතුවෙන් නිවාස 802කට අර්ධ හානි සිදුව ඇති අතර, නිවාස 13කට පූර්ණ හානි සිදුව තිබේ.