වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරක් නිසා පසුගිය දිනවල විශාල කතාබහක් නිර්මාණය විය. මෙම අනතුර සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා රිය පුහුනුවක් නොලද අයෙකු වීමත් ඔහුට මොන්ටෙරෝ රථය ලබාදීම පියෙකු විසින් සිදු කරන ලද විශාල වරදක් බවත් කතාබහ විය.


අනතුර සිදුවූ අවස්ථාවේ අවට සිටි අය දොස් පැවරූ අතර ‘තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වීරයා‘ වීමට මෙම සිසුවා වාහනය රැගෙන  ඇය සමග ගමන් කරමින් සිටියදී අනතුර සිදුවූ බව කතාබහ විය.
නමුත් මාධ්‍ය වෙත අදහස් පළකළ සිසුවාගේ පියා දන්වා තිබුනේ තමා වාහනය සෝදා බාත් රූම් එකට ගිය විට දන්නෙවත් නැතිව වාහනය රැගෙන ගිය බවත් ඔහු ගියේ කොහිදැයි දන්නේ නැති බවත්ය.
නිවසේ සිටි 21 හැවිරිදි වැඩිමල් සොයුරිය සමග ගිය බව පසුව පවසා තිබුණි.
නමුත් මෙම සිද්ධියට අදාළ රූප රාමු වලදී සිසුවා සමග අදාළ යුවතිය සිටින අයුරු ප්‍රශ්නයට නගමින් සමාජ මාධ්‍ය තුළ ළුීඩියෝ ගණනාවක් හුවමාරුවන අතර එහි සිටියේ සිසුවාගේ පෙම්වතිය විය හැකි බව අදහස් දක්වා තිබේ.


මෙම සිසුවාගේ පියාද වරදින් ගැළවීමට බොරු ගොත් ඇතැයි චෝදනාවන්ට ලක්ව තිබේ.
මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු බව කියන පියාට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් අනතුර සිදුවිය.
මේ  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව සදහන් වේ.