පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ [05 දා] එළවළු මිල ඉතා අධික අගයක් ගත් බව සිල්ලර වෙළෙඳුන් හා පාරිභෝගික ජනතාව චෝදනා කළහ.

මෙම එළවළු මිල ඉහළ යෑමට හේතුව පොහොර ගැටළුව හා පවතින අධික වැසි තත්ත්වය බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ හිටපු සංවිධායක රනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

ඊයේ අලෙවි වූ ලීක්ස් කිලෝවක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකටත්, තක්කාලි කිලෝවක් රුපියල් 400 ත් 450 ත් අතර මිලකටත්, මාළු මිරිස් රුපියල් 400 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 150 ත් 200 ත් අතර මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 220 ත් 250 ත් අතර මිලකටත්, පතෝල කිලෝවක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකටත්, වැටකොළු කිලෝවක් රුපියල් 140 ත් 150 ත් අතර මිලකටත්, බී ලූනු කිලෝවක් රුපියල් 150 ත් 220 ත් අතර මිලකටත්, අල කිලෝවක් රුපියල් 150 ත් 170 ත් අතර මිලකට තොග වශයෙන් අලෙවි කෙරුණු බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ අනිල් ඉන්ද්‍රජිත් මහතා මෙසේ ද කියා සිටියේය.

‘පොහොර ප‍්‍රශ්නය වගේම පවතින වැසි තත්ත්වයත් මේ එළවළු මිල ඉහළ යන්න බලපා තියෙනවා. එළවළු ගන්න එන පිරිස වැඩියි. ඒත් මේ සිල්ලර වෙළෙඳුන්ට ගම් ඇතුළේ එළවළු අලෙවිකර ගැනීමේදී ගැටළු මතුවෙන්න පුළුවන්. මොකද එළවළු මිල වැඩියිනේ.’