හම්බන්තොට කර්මාන්තශාලාවක සේවය කරන ඉන්දියානු ජාතිකයින් 43කට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි වාර්තාවේ.
හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන මෙම සිමෙන්ති කම්හලේ සේවකයින් 50 දෙනෙකුට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයින් 43 දෙනෙකු හමු වී ඇති අතර, ඔවුන් හම්බන්තොට මහරෝහලට යොමු කර තිබේ.
සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග සඳහන් කළේ මෙම කර්මාන්තශාලාවේ ශ්‍රී ලාංකිකයින් 780 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයින් 480 දෙනෙකු සේවය කරන බවත් ඉතිරි අයගේද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට හා අවශ්‍ය අය නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බවයි.
0 Comments