The-minimum-age-for-retirement-of-public-servants-has-been-changed-from-55-to-60-and-passed-by-Parliament

සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස සම්බන්ධ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ඒ අනුව විශ්‍රාම වයස අවුරුදු 60 ක් වනු ඇත.



දැනට 55 ක් වන විශ්‍රාම වයස 60 ක් වුව ද සේවකයන්ට තම අවශ්‍යතාව අනුව වයස 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.