8-dead-many-injured-texas-music-Travis-Scott

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි පැවති රාත්‍රී සංගීත උළෙලකට අතිවිශාල ජනකායක් එක්වීම නිසා ඇතිවූ තදබදයෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
රැප් ගායක ට්‍රැවිස් ස්කොට්ගේ ඇස්ට්‍රෝවර්ල්ඩ් නමින් නම් කළ මෙම එළිමහන් ප්‍රසංගයේදී සෙනඟ වේදිකාවේ ඉදිරිපස දෙසට තල්ලු වීමට පටන් ගැනීමෙන් පසු කලබලය ඇති වූ බව වාර්තාවේ.
හෘදයාබාධ නිසා පුද්ගලයින් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර අට දෙනෙක් මිය ගියහ. සමහර තුවාලකරුවන් වයස අවුරුදු 10 තරම් කුඩා අයයි.

ඇතැම් අයගේ සිරුර යකඩ වැටට කැපුම් තුවාල සිදුවී මරණ සිදුව ඇත.
එළිමහන් උත්සවයට 50,000 ක් පමණ සහභාගී වූ අතර සිද්ධියෙන් පසු එය අවලංගු කර ඇත.
ප්‍රාන්ත විනිසුරු ලීනා හිඩාල්ගෝ සිදු වූ දෙය විස්තර කළේ

"අතිශයින්ම ඛේදජනක රාත්‍රියක් මෙය අසා අපේ හදවත් බිඳී ගියා..මිනිසුන් මෙම සිදුවීම් වලට යන්නේ හොඳ කාලයක්, විවේකයක් ගැනීමට, මතකයන් ඇති කර ගැනීමට අවස්ථාවක් සොයමින් නමුත් මාරක අපේක්ෂාවෙන් නොවේ."


ඇය පැවසුවාය.

මෙම සිද්ධිය එරට වේලාවෙන් සිකුරාදා රාත්‍රී 9.15 ට පමණ සිදුව ඇති බව හූස්ටන් ගිනි නිවීමේ ප්‍රධානී සැමුවෙල් පීනා පැවසීය.
"ජන සමූහය වේදිකාවේ ඉදිරිපස දෙසට තල්ලුවීයාමට වීමට පටන් ගත් පසු මිනිසුන් කලබල වීමට පටන් ගත්තා, එකිනෙකා තෙරපී තැළීම නිසා මිනිසුන්ට තුවාල වුණා. භීතිය වැඩි වූ ඇතැමුන් වැටී පැගුණා.‘ නිලධාරියා පැවසීය.




හූස්ටන් ක්‍රොනිකල් පුවත්පතට අනුව, උත්සවය ආරම්භ කළ ට්‍රැවිස් ස්කොට්, ඔහුගේ මිනිත්තු 75 ක ප්‍රසංගය අතරතුර කිහිප වතාවක්ම මෙම කලබල තත්වය නිසා ප්‍රසංගය අතරමග නවතා ඇත.
බොහෝ දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පෙනෙන විට සංවිධායකයින් උත්සවය නැවැත්වූ නමුත් තුවාලකරුවන්ගේ විශාලත්වයට එකවරම වෛද්‍ය පහසුකම් ලබාදීමේ අපහසුතාවක්ද පැනනැගී ඇත.

ප්‍රසංගයට ගිය කාන්තාවක පැවසුවේ ඇය කිසි දිනෙක "මෙතරම් කලබලයට පත් මිනිසුන් සිටින සංගීත උළෙලකට" ගොස් නොමැති බවයි.

සිකුරාදා 300 දෙනෙකුට පමණ කැපුම් තුවාල වැනි තුවාල සඳහා ප්‍රතිකාර ලබා දී ඇත. විනිසුරු හිඩාල්ගෝ පැවසුවේ උත්සවයේදී මියගිය "බොහෝ දෙනෙක්" "තරුණ" අය බවයි.
(සීඑන්එන් ඇසුරිනි Gossiplankanews.com)