A-new-tactic-of-money-launderers-in-Katugastota

ය හැත්තෑහතර වැනි වියේ පසු වූ මාතාවකි. කටුගස්තොට නගරයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඇති කළුගලවත්ත සිට ඇය උදෑසනින්ම නගරයට ආවේ වෙළෙඳසලකින් අවශ්‍ය බඩු කීපයක් රැගෙන යැම සඳහාය. ඇය නගරය මැදින් පාගමනියමින් සිටියේ ප්‍රවේශමිනි.ජනාකීර්ණ නගරයේ එහා මෙහා යන සෙනග අතරින් ඇය පසු කරගෙන ඉදිරියට දුවගෙන ගිය පුද්ගලයකු එකවර බිම තිබී යමක් අහුලාගන්නා අයුරු ඇය හොඳින් දුටුවේ  එය සිදුවූවේ තමන් ආසන්නයේ වන බැවිනි.

ඔහු බිම තිබී අහුලා ගත්තේ ලියුම් කවරයකි. ඇයට පෙන්වමින් එය විවර කළ ඔහු මෙසේ කීය.

" මං වගේ තරුණ කොල්ලෙක්ට ලැබෙන්නම තමයි මේක මෙතන වැටිලා තිබුණ. මේ බලන්නකො අම්මෙ. මෙතන සල්ලි ගොඩක් තියෙනවනේ. අම්මගෙයි මගෙයි වාසනාව. මේක මෙතන බලන්න බෑ. අම්මටත් බාගයක් දෙන්නම්.අපි දෙන්නත් එක්ක යමුද අරපාලම ගාවට .. "


ඔහු පවසා සිටියේ එහි විශාල මුදලක් ඇති බවත් ඔවුන් දෙදෙනාගේම වාසනාවට ලැබුණ බවත් එම මුදාල් ගැන බැලීමට පාලම ළගට යායුතු බවත්ය. මුදල් දුටු මේ මවට සිතුණේ නිකං ලැබුණ වාසනාවට පයින් ගැසීම අනුවණ කමක් වන බවය. ඔහු අත දිගුකර කටුගස්තොට පාලම පෙන්වූ  අතර ඔහු සමග ඇයද කතාකරමින් ඉදිරියට ඇදුණේ කාන්දමක් පරිදිය. ඒ තමන්ට තව මොහොතකින් අතට ලැබෙන මුදල ගැන සිහින මවන අතරය.  නගරයේ සිට පාලම දක්වා මීටර් එකසිය පනහක පමණ දුරක් තිබුණ බැවිදුර ඇවිදගෙන යැමට මේ මවට අපහසුවක දැණුනත් එය එතරම් ගනං ගතයුතු කාරණයක් නොවුණේ ලැබෙන වාසිය ඊට වඩා වැඩි නිසාය.



කටුගස්තොට නගරය ඉතා ජනාකීණ ස්ථානයක් වන නිසා මේ පුද්ගලයා මේ මව පාලම අසලට කැඳවාගෙන යැමට කටයුතු කළේ කවරයේ ඇති මුදල බෙදාගැනීමට බව මව සිතුවත් ඔහුගේ සිතේ වෙනත් අදහසක් තිබූ බව ඇය දැන සිටියේ නැත. එසේම එම  ලියුම් කවරය මාර්ගයේ වැටි තිබූ එකක්නොව ඔහු විසින්ම ඒ මොහොතේ දැමු එකක් බවද ඇය නිකමටවත් දැක තිබුණේ නැත.
පාලම ආසන්නේ මාර්ග පහක් තිබුණත් වාහන මිස පාගමනින් යන එන පිරිස තරමක් අඩුය. නගරය මැද පදිකමාරු දෙකක් මෙන්ම මාර්ග සංඥා පද්ධතියක් ඇතත් එම ස්ථානවල ගැවසෙන පිරිසට නගරයේ සිදුවන රහසිගත සිදුවීම් එතරම් සොයාබැලීමට කාලය නොලැබෙන්නේ කවුරුත් තම කාර්ය කරගෙන ඉක්මනින් යන ගමන යැමට කටයුතු කරන බැවිනි.   නුවර දෙසට දිවෙන පාලම අසලට මේ මව  කැඳවාගෙන පැමිණී නාඳුනන පුද්ගලයා නතරවූයේ  පරණ පාලමත් අළුත් පාලමත් අතර වූ පාලු  ස්ථානයකය.එනම් ගග දෙසට මීටර් සීයක් පමණ දුරට මෙම පාලම් දෙක අතර ප්‍රදේශය ජනයාගෙන් තොර  කළාපයක් වන බැවින් ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට පහසුවන බැවිනි.මේ කිසිත් නොදන්න මව, ඔහු එම ස්ථානයේ නතරවී කතාකරමින් සිටියේ අතේ ඇ.ති  විශාල මුදල බෙදාගන්නා ආකාරය පිළිබඳය.  එකිනෙහිම ඔවුන් අසලට කලබලයෙන් පැමිණියේ තවත් එවැනි පුද්ගලයෙකි.

මෙතනින් දැන් පිරිමි දෙන්නෙක් දුවගෙන ගියා, දැක්කද අම්මේ කවුරු හරි දුවනවා.
ඔහු කිසිවකු සොයමින් වෙහෙස වී සිටින බව වටහා ගැනීමට අපහසු වූයේ නැත.
කවුරුවන් ගියෙ නෑ  පුතේ... අම්මා පිළිතුරු දුන්නේත් ඔහු පිළිබඳ ඇති වූ අනුකම්පාවෙනි.
වෙන්න බැ අම්මෙ.මෙතනිත් තමයි ඌ ගියානං ගියේ".
ඔහු ඇගේ වචනය විශ්වාස නැති බව ප්‍රකාශ කළේ එකහෙලාමය..

"නෑ පුතේ, මංකියන්නෙ ඇත්තමයි".. ඇය ඔහුගේ චෝදනාව ප්‍රතික්ෂේප කළේ එලෙසිනි.
”අම්ම හතර පෝයටම සිල්ගන්නවන්ද දළදා මාළිගාවට මෙතන ඉඳල අත දික්කලා වගෙයි. පංසලට ළගයි. අම්මා බොරු කියන්නේ නැත්නම් ඔය කරේ තියන මාලේ ගලවල මගේ අතේ තියල දිවුරන්න".
ඔහු ඊළගට ගෙන ආවේ අපූරු යෝජනාවකි. කොහෙවත් යන පුද්ගලයකුට බොරුකාරයෙක් වන්නේ කුමටදැයි ඇයට ඒ මොහෝතේ සිතෙන්නට ඇත. ඇය කරබැඳි රන්මාලය, පෙන්ඩනය සමඟ ගලවා ඔහු අත තබා ඒ මත ඇගේ අත තබා දිව්රා තමන් නිවැරදි බව පැවසීමට සැරසුනා පමණි. එය මීට මොලවාගත් මේ පුද්ගලයා දුවගෙන ගියේ පළමුව හමු වූ පුද්ගලයාද සමගින් එක හුස්මටය, ඇයට හුස්ම ගැනීම පවා අමතක වුයේ එවිටය.උදෑසන 10.30ට පමණ සිදුවුණ මෙම අවනඩුව විසඳාගැනීමට පපුව අතගාමින්ම ඇය කටුගස්තොට පොලිසිය වෙත පැමිණියේ බොහෝ මලානිකවය..   ‍



මම ටවුමට ඇවිදගෙන යනකොට රණවන පාරෙ සිංගර් එක ළගදී මට ඉස්සරහින් දුවගෙනගිය මනුස්සයා ඇනිලෙප් එකක් ඇහිඳ ගත්තා.ඒකේ  තිබුණ සල්ලි මං තරුණ කොල්ලෙක් හින්දා වාසනාවට තමයි මේක වැටිල තිබුණෙ කිව්වා.  අම්මටත් දෙන්නම් යං පාලම ළගට කිවා. එතන අපි කතාකරකර ඉන්නකොට තවත් පිරිමි කෙනෙක් ඇවිත් මෙතනින් දෙන්නෙක් දුවගෙන ගියාද කියළ ඇහුවා. මම ඉනැ කිව්වා. එතකොට පස්සෙ ආව මනුස්සය කිව්වා කරේ තියෙන මාලය ගලවල මගෙ අතේ තියලා ගියෙ නැ කියලා දීවුරන්න කියල, මගේ පවුම් දෙකහමාරක් වටින අඩි දෙකක් විතර දිග රුපියල් ලක්ෂ එකහමාරක් වෙන මාලෙයි පවුමක් ඉර රුපියල් ලක්ෂයක් වටින පෙන්ඩන් එකයි ගලවල එයාගෙ අතේ තියල දිවුරුවා.

"මං ළගට මුලින් ආව ළමයට අවුරුදු හතලිස්පහක් විතර ඇති.උස කෙට්ටු කහපාට අත් කොට කමිසෙකුයි, කලිසමකුයි ඇඳල හිටියේ. කොණ්ඩේ කොටට කපල මුණ දීගටියි. මාස්ක් දාලා  හිටියෙ. දෙවෙනි ළමයා සුදු කෙට්ටු අවුරුදු හතලිහක් විතර වෙන කෙනෙක්. අත් කොට සුදු කමිසෙකුයි කළු කලිසමකුයි ඇඳලා හිටියෙ. දිගටි මූණත් තිබුණේ. දැක්කොත් නම් අඳුරගන්න පුළුවන්. දෙන්නම මාලෙ අරන් දිව්වා. ඇගේ ඇස්වල දිලිසෙන කඳුළු දුටු නිලධාරීන්ට ඇති වූයේ විශාල කණගාටුවකී. එම ස්ථානයේ සී.සී.ටී.වී කැමරා නොමැති බැවින් තවමත් ඔවුන් සිටින්නේ නිදැල්ලේය.

මේ නිසා හෙට දිනයේ තවත් මෙවැනිම වියපත් මවකගේ රන්අබරණ ඔවුන් සතු නොවේ යැයි කීවොත් එය මුසාවකි. නන්නාඳුනනා මෙවැනි සටකපට වංචනිකයන්ගේ උගුල්වලට හසුනොවීමට කවුරුත් වගබලාගත යුතු වුවත් වැඩි තන්හාවට  යැමෙන් සියල්ල අහිමිව වන්නේ සුළු මොහොතකිනි.  මාලය ගලවා අතේ තබා විනාඩි එකහමාරක් වැනි කාලයකදී සිදුවී ඇති මෙම අපරාධය පිළිබඳ කටුගස්තොටපොලිසිය මේ වනවිටසියලුම පොලිසි  දැනුවත් කර තිබෙන්නේ සැකකරුවන් ඉක්මනින් කොටු කරගැනීමේ මෙහෙයුම පහසුකරගැනීම සඳහාය.

-විනීතා මනෙල් ගමගේ-