At-age-79-half-Americans-are-unhappy-about-Joe-Bidens-fitness

නොවැම්බර් 20 වනදාට 1942 උපන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන්ගේ 79 වන උපන් දිනය යෙදේ. ජනාධිපති ජෝ බයිඩෙන් 2021 ජනවාරි මාසයේදී නැවත බලයට පත්වීමට පෙර සහ පසුව යන දෙඅවස්ථාවන්හිදීම ඔහුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම බොහෝ කලක සිට උණුසුම් මාතෘකාවක් වී ඇත. 

නව මත විමසුමකින් පෙනී යන්නේ 50% ක් පමණ විශ්වාස කරන්නේ ජනාධිපති ජෝ බයිඩන් තනතුරට යෝග්‍ය සහ මානසික හැකියාවක් නොතිබිය හැකි බවයි. Politico සහ Morning Consul විසින් පවත්වන ලද මත විමසුමකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 50%ක් "Joe Biden යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන" යන ප්‍රකාශය සමඟ එකඟ නොවූහ. එය ප්‍රමාණවත් නොවන්නේ නම්, තවත් 48%ක් "ජෝ බයිඩන් මානසිකව සුදුසු" යැයි නොසිතූහ. රිපබ්ලිකන් ඡන්දදායක නීල් නිව්හවුස් එහිදී මෙසේ ප්‍රකාශ කළේය: "අප බයිඩෙන් දෙස බලන විට හැඟෙන්නේ ඔහුට යමක් නැති වී ඇති බවත්, ඔහු කලින් සිටි ආකාරයට සිටිය නොහැකි බවත්ය. ඡන්දදායකයින් එය ලොකුවට පෙනෙන දෙයකි."


ධවල මන්දිරය තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර, ග්ලාස්ගෝ හි COP26 සමුළුව අතරතුර බයිඩෙන් නිදා සිටින ආකාරය දැක්වෙන  වීඩියෝවක්ද වෛරස්වී ගිය අතර ඉන් ඇඟවෙන්නේ ජනාධිපතිවරයාට වැඩිපුර නින්දක් අවශ්‍යවූ බවයි.

තත්වය වඩාත් නරක අතට යමින් බයිඩෙන් "මම මෙහි කරන්නේ කුමක්ද?"යනුවෙන් විමසූ අවස්ථාවක්  සීඑන්එන් වැඩසටහනක වීඩියෝවෙන් එළිදකී. ඔහුට කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් නගරයේ නම අමතක විය. තවත් ලැජ්ජා සහගත වීඩියෝ ක්ලිප් එකකින් පෙන්නුම් කළේ මාර්තු මාසයේදී එයාර් ෆෝස් වන් දක්වා දිවෙන පඩිපෙළ මත බයිඩෙන් වැටෙන්නට ගොස් පැකිළෙන බවයි.
Politco අනුව, ජනාධිපති බයිඩෙන්ට දැන් නිතර ඉතා අවශ්‍ය වන්නේ හොඳට වසාගෙන විවේක ගැනීමට ස්ථානයකි. ධවල මන්දිරයේ පමණක් නිදන කාමර 16 ක් ඇති බවත් මත පළ කළ අයෙකු පවසා තිබුණි. 

ඔහු නිලයට සුදුසු බව ඇමරිකානු ජනතාවට සහතික කරන ලෙස ඉල්ලා ජුනි මාසයේදී, රිපබ්ලිකානුවන් 14 දෙනෙකු ජනාධිපතිවරයාට සංජානන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ලිපියක්ද යවා තිබුණි. එම ලිපි යැවීමට මුල්වූ රොනී ජැක්සන්  ජුනි 17 වැනි දින ලිපියේ මෙසේ ලිවීය: “ලිංගභේදය, වයස හෝ දේශපාලන පක්ෂය නොසලකා, සියලුම ජනාධිපතිවරුන් හොඳ මානසික හැකියාවන් ප්‍රදර්ශනය කළ යුතුය"



එසේ පැවසීමත් සමඟ, බයිඩෙන් ද කාර්යාලයේ ශාරීරිකව ක්‍රියාශීලී ජනාධිපතිවරයකු බව ඔප්පු කරන්නට උත්සාහ කර ඇත. ඔහු බොහෝ විට තම බිරිඳ වන ජිල් බයිඩෙන් සමඟ පාපැදි සවාරි යන අතර, ඔවුන් එය ප්‍රදර්ශනාත්මකව අවස්ථා කිහිපයකදී කර තිබුණි. නමුත් තවමත් බයිඩෙන්ගේ සෞඛ්‍යය සහ ඔහුගේ අනාගතය ගැන දැඩි සැලකිල්ලක් දැක්වීමෙන් ඇමරිකානු මහජනතාව නතර කර නැත.

බයිඩෙන් පසුගිය මාර්තු මාසයේ ලිස්සා ගිය වීඩියෝව පහතින්