Eating-a-vegetarian-diet-affects-our-behavior

ඔබ ගන්නා ආහාර හා ඔබේ හැසිරීම අතර සම්බන්ධතාවක් පවතී. ආහාර ගත්විට එක්තරා ආකාරයක රසායන ද්‍රව්‍යයන් සිරුරට මුදා හැරේ. මේවා ස්නසා  සම්ප්‍රේෂකයන් neuro-transmitters යන නාමයෙන් හඳුන්වනු ලැබේ. උද්දීපන excitatory නසා සම්ප්‍රේෂකයන් සහ නිග්ධන ස්නසා සම්ප්‍රේෂකයන් යනුවෙන් මේවා දෙවර්ගයකි.  

උද්දීපන නසා සම්ප්‍රේෂකයන්ට උදාහරණ වශයෙන් කැටකොලමයින්ස් CAtacholamines නමින් හැඳින්වෙන එඩ්රෙනලයින් adrenaline සහ නන්  එඩ්රෙනලයින් nonadrenaline දැක්විය හැකි අතර, නිඛෙන ස්නසා සම්ප්‍රේෂකයන්ට උදාහරණ වශයෙන් සැරොටින් serotin සහ එ න්සෙපලෙන් encephalon දැක්විය හැකිය.

මෙම ස්නසා සම්ප්‍රේෂකයන් මිනිස් චර්යාවන් කොතරම් ප්‍රමාණයකට වෙනස් කරන්නේද යත්, සමහර අවස්ථාවල එමගින් නින්ද ද ඇති කරයි. මේ ස්නසා සම්ප්‍රේෂකයන් සිරුරේ අධික වශයෙන් ඇති නමුත්, විෂාදයේදී ප්‍රධාන ස්නායු පද්ධතියේ ස්නසා සම්ප්‍රේෂකයන්ගේ, විශේෂයෙන්ම ඩෝපමයින් dopamine වල අඩුවීමක් සිදුවේ. ස්නසා සම්ප්‍රේෂකයන් නිසා මිනිස් චර්යාවන් කෙරේ  අප ගන්නා ආහාර බලපාන බව සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්‍ෂි දැනට ලැබී තිබේ. ප්‍රධාන ස්නායු පද්ධතිය චංචල කරන ද්‍රව්‍ය සමහරක් මද්‍යසාර හා මස්වල අඩංගුය. මද්‍යසාර ගැනීමෙන් පසු මිනිසුන් කලබලයට පත්වන බවත්, මස්වල අඩංගු උද්දීපන ස්නසා සම්ප්‍රේෂකයන් නිසා ඒවා ආහාරයට ගැනීමෙන් පසු මිනිසුන් කලහකාරී තත්වයට පත්වෙන බවත් පෙනී ගොස් තිබේ.

එළවළු, පලතුරු, රසකැවිලි සහ කාබෝහයිඩ්‍රේට්වලින් පොහොසත් ආහාර, ස්නස් නිෂේධක සම්ප්‍රේෂකයන් වැඩි වශයෙන් අඩංගු ආහාර ලෙස සැලකිය හැකිය. සුවබර නින්දක් ලබා ගැනීමට මේවා උපකාර වේ.   දිවා භෝජනය සඳහා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි ආහාර ගැනීමෙන් පසු අපේ රටේ ජනයා කෙටි නින්දක් ලබා ගැනීමට එක් හේතුවක් ලෙස මෙය දැක්විය හැකිය.  කුකුල්මස්, ගව මස්, ඌරුමස්, එළුමස් සහ පොකිරිස්සන් වැනි මස්, මාළු අධික රාත්‍රි ආහාරයක් ගත්විට රුධිර කැටකොලමයින් ප්‍රමාණය වැඩිවන හෙයින් එවන් ආහාර වේලක් ගන්නා වැඩි දෙනෙක් හොඳ නින්දක් නොලබනවා පමණක් නොව, පසුදින අවදි වූ විට ප්‍රාණවත් ගතියක් ඇති නොවන බව අප කව්රුත් හොඳින් දන්නා කරුණකි.



ඇමෙරිකා එක්සත් ජනපදයේ තාක්‍ෂණික ආයතනය මගින් කර ඇති අධ්‍යයනයකින් මේ මතය සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්‍ෂි ලැබී තිබේ.  ආහාර අපේ මතක ශක්තිය කෙරේ ද බලපායි. ඖෂධ හෝ කිසිම ආකාරයක ආහාරයක් මඟින් මතක ශක්තිය වැඩිදියුණු කළ නොහැකිය යනු වෛද්‍ය විද්‍යාඥයන් වැඩි දෙනකුගේ මතයයි. එහෙත් මේ මතයට පටහැණි සාක්‍ෂි ද ලැබී තිබේ.  කෝලින් choline වැනි රසායන ද්‍රව්‍යයන්ගෙන් කොළ ආවරණය වී ඇති බවත්, තේ පානයෙන් ඔබට ප්‍රාණවත් ගතියක් දැනෙන බවත්, වඩා හොඳින් කරුණු ග්‍රහණය කරගත හැකි බවත්, මතක ශක්තිය වැඩිදියුණු වීමට නම් මේ රසායන ද්‍රව්‍යයන් උපකාර වන බවත් හෙළිවී තිබේ. මුරණ්ඩු ළමුන්ගේ කලහකාරී හැසිරීම හෝ වේදනාව, විෂාදය, ප්‍රචණ්ඩ හැසිරීම්, මතක ශක්තිය හීනවීම වැනි තත්වයන්ට ප්‍රතිකාරයක් වශයෙන් ආහාර සතු කාර්යභාරය, විශේෂයෙන්ම නිර්මාංස ආහාර පරිභෝජනය වැඩිකිරීම මගින් මේවාට සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බව අනාවරණය වී තිබේ.

ඉන්දියාවේ ගම්බියෝන්හි පිහිටි ප්‍රධාන බන්ධනාගාරයේ සිටි අපරාධකරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම්, ඔවුනට නිර්මාංස ආහාර දීම මඟින් වෙනස් කිරිමට හැකි වූ බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ. නිර්මාංස ආහාර වෙනුවට කලින් දෙන ලද ආහාර දීම නැවත ආරම්භ කළ විට ඔවුන්ගේ හැසිරීම යළිත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පත්වී ඇත.  නිර්මාංස ආහාර ගැනීම මිනිස් චර්යාවන් කෙරේ බලපාන බවත්, එමගින් ඔවුන් තුළ සන්සුන් භාවයක් ඇතිවන බවත් මේ කරුණු වලින් සනාථ වේ.

- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස