I-reject-even-the-hand-of-corrupt-leaders-Imran-Khan

දූෂිත නායකයින්ට අතට අත දීමට පවා තමන් කැමති නැති බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි. පකිස්තානයේ හිටපු දේශපාලන නායක නවාස් ෂරීෆ් පවුලේ සහ අසිෆ් අලි සර්දාරිගේ පවුලේ නම් සඳහන් කරමින් ඔහු මේ ප්‍රකාශය සිදු කර තිබේ.නවාස්ගේ සොහොයුරන් වන ෂාබාස් ෂරීෆ් සහ අසීෆ් අලි සර්දාරි සමඟ කිසි විටෙක අත නොතැබුවේ මන්දැයි බොහෝ අය තමාගෙන් නිතර අසන බවත් කියමින් ඔහු ඒ ගැන සඳහන් කළේය.


ඉම්රාන්ගේ මෙම ප්‍රකාශය හාස්‍යජනක එකක් ලෙසට එරට විවේචනයට ලක්වෙමින් පවතී. විශේෂයෙන්ම මෑතකදී ප්‍රසිද්ධවූ පැන්ඩෝරා පත්‍රිකාවලදී අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ඉම්රාන් දෙසට චෝදනා යොමුවී ඇති පසුබිමක ඔහු වෙනත් අය දූෂිත යයි දැක්වීම සිනාවට කරුණක් වී ඇත.

ඔහු කරන චෝදනාවන්ද සත්‍යයෙන් බොහෝ දුරස් ය.  ඔහුගේ කැබිනට් මණ්ඩලයේ බොහෝ ඇමතිවරුන් නවාස් සහ සර්දාරි සමඟ පසුගිය කාලයේ සිටි අය වන අතර බොහෝ දෙනෙකුට බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති අයයි.

ඉස්ලාමාබාද් හි අධ්‍යයන ආයතනයක දේශනයකදී ඉම්රාන් කියා සිටියේ රට ඉදිරියේ අභියෝග රාශියක් ඇති බවයි. මෙයින් දෙකක් වඩාත් වැදගත් බව එහිදී කියන ඔහු පළමුවැන්න - දූෂණය සහ දෙවැන්න - වටිනාකම් හෝ මූලධර්ම පිරිහීම ලෙස දන්වා සිටියේය.

ඛාන් පැවසුවේ- බොහෝ විට මිනිසුන් මගෙන් අසන්නේ ඇයි මම විපක්ෂ නායකයින්ට එනම් ෂාබාස් ෂරීෆ් සහ සර්දාරි සමඟ අතට අත නොතබන්නේ. මෙතැනදී මම පැහැදිලිව කියන්න ඕන මට මේ නායකයන් දෙන්නෙක් එක්කවත් පෞද්ගලික තරහක් නැහැ. මට එයා එක්ක කරන්න දෙයක් නෑ . මේ අය රුපියල් බිලියන ගණනක දූෂණ සිදු කර තිබෙනවා. මම ඔවුන් සමඟ අතට අත දෙනවා නම්,

එයින් අදහස් වන්නේ මම අපේ සමාජයේ දූෂණය පිළිගන්නා බවයි. ඒ නිසා මේ දෙන්නට අතට අත දෙන්න එපා.

ඉම්රාන් ඛාන් බොහෝ විට පසුගිය රජයන්ට දූෂණ චෝදනා කරන නමුත් සත්‍යය වෙනත් දෙයකි. ඉම්රාන්ගේ කැබිනට් මණ්ඩලයේ විදේශ අමාත්‍ය ෂා මෙහමුද් කුරේෂි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් ඇතුළු අමාත්‍යවරුන්ගෙන් සියයට 80ක් නවාස් ෂරීෆ් සහ සර්දාරි ආන්ඩුවල අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ හෝ ඔවුන් දෙදෙනාගේම පක්ෂවල එකවර හෝ සිටි අය වෙති. අනික්. වෙනත් රටවලින් පක්ෂ අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ටම බරපතළ චෝදනා තිබේ. ඔහුගේ මූල්‍ය උපදේශක ෂවුකට් තරීන්ගේ සමාගම් හයක නම් පසුගියදා පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් විය.
(ජියෝටීවී ඇසුරිනි - Gossiplankanews.com)