Is-it-true-that-red-wine-has-an-amazing-power-to-prevent-heart-attacks

රතු වයින්වලට හෝ වෙනත් මත්පැන් වර්ගවලට හෘදයාබාධ වැළැක්වීමේ පුදුමාකාර බලයක් ඇති බව විවිධ මාධ්‍ය මගින් හුවා දක්වනු ලබයි. මේ අපූර්ව පානය, පානය කළ විට කිසි පාලනයකින් තොරව ඕනෑම දෙයක් කා බී, දුම් පවා පානය කර, හෘදයාබාධයක් නොවැලඳී සිටිය හැකිය යන හැගීම මෙමගින් අප තුළ ඇති කරයි. එය සැබවින්ම වැරැදි මතයකි.මත්පැන් හා සෞඛ්‍යය පිළිබඳව මහජනයා තුළ ඇති වැරැදි හැගීම් කිහිපයක් පිළිබඳව අපි දැන් සලකා බලමු.



පළමුවෙනි වැරැදි හැගීම වන්නේ හදවත් රෝගවලින් ආරක්ෂක්ෂාවීම සඳහා ගත යුතු හොඳම මත්පැන් වර්ගය රතු වයින් යන්නය.සුදු වයින්, බියර් හෝ වෙනත් මිශ්‍ර මත්පැන් වර්ගවලට වඩා රතු වයින් පානය ගුණදායකය යන මතය මෙතෙක් සනාථ කර නැත. ලැබී ඇති සාක්ෂි වැඩි හරියකින් පෙනී ගොස් ඇත්තේ, ඕනෑම මත්පැන් වර්ගයක් ස්වල්ප වශයෙන් ගැනීම හදවත් රෝගවලින් ආරක්ෂා වීමට උපකාර විය හැකි බවය.රතු වයින්වල පමණක් අඩංගු ද්‍රව්‍ය සමහරක් හෘදයාබාධ වැලඳීම වළක්වාලීමට උපකාර විය හැකියයි පර්යේෂකයන් විසින් වෙන්කොට හඳුනාගෙන තිබේ.

මේවා ලෙවොනයිස්  Flavonoids යන නාමයෙන් හඳුන්වන අතර, මිදි පොත් තේ අඩංගු පීනෝල්ස් Phenols නම් සංයෝගයක් ඊට අඩංගු වේ. ඒවා ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකර එල්.ඩී.එල්. නමින් හඳුන්වන අයහපත් කොලොස්ට්‍රෝල් මගින්,කිරීට අවහිර කරන තන්තුමය තුවාල ඇතිවීම, වළක්වාලයි.හෘදයාබාධ වැලඳීමෙන් ආරක්ෂා කරන, රුධිරය කැටි ගැසීම වළක්වන බලයක්, ෆ්ලෙවනයිඩ්ස්වල අඩංගු බවට සාක්ෂි ලැබී තිබේ. එහෙත් මත්පැන් සහ සෞඛ්‍යය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව පර්යේෂණයන්හි නියැළෙන්නන් අතර ප්‍රමුඛයෙක් වන හාවඩ් සරසවියේ වෛද්‍ය එරික් රිම් පවසන්නේ , මත්පැන් ගැනීමෙන් සැලසෙන්නේ සුළු අමතර වාසියක් පමණක් බවය.

දෙවෙනි වැරැදි හැගීම වන්නේ මත්පැන් මගින් රුධිරය තුනීකර හදවත් රෝගවලින් ආරක්ෂා කරයි යන්නය. පට්ටිකා Platelets නමින් හඳුන්වන, රුධිරයේ ඇති සෛල, මත්පැන් මගින් අඩු ඇලෙනසුලු තත්වයකට පත්කර, කිරීට ධමනිවල ලේ කැටි ඇතිවීම හා ඒවා ඒකරාශීවීම එමගින් වළක්වාලන බව පෙනී යයි. එච්.ඩී.එල්. නමින් හඳුන්වන යහපත් කොලොස්ට්‍රෝල් මට්ටම මත්පැන් මගින් වැඩි කරයි. මි.ග්‍රෑ. 40කට අඩු එච්.ඩී.එල්. ප්‍රමාණයක් තිබීම හෘදයාබාධ වැලඳීමේලා අවදානම් හේතුවකි. එච්.ඩී.එල්. මට්ටම 5ට වැඩිවීම සෞඛ්‍යයට බෙහෙවින් හිතකරය. නමුත් නිතිපතා ව්‍යායාම කිරීම, දුම්පානය නතර කිරීම හා බර ප්‍රමාණය වැඩිනම් එය අඩුකර ගැනීම මගින් එච්.ඩී.එල්. මට්ටම වැඩිකර ගත හැකිය.

ඔබේ එච්.ඩී.එල්. කොලොස්ට්‍රෝල් මට්ටම අඩුනම්, මඳක් වැඩි ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කිරීමෙන් එම කොලොස්ටෝල් මට්ටම වැඩි කරගත හැක්කේ ඒකක තුනේ සිට හතර දක්වා වන ප්‍රමාණයකිනි. වැඩි බර ප්‍රමාණය රාත්තල් 5 සිට 10 දක්වා වන ප්‍රමාණයකින් අඩුකර ගැනීමෙන්, එම ප්‍රතිඵලයම අත්කරගත හැකිය. නිතිපතා සිරුර වෙහෙසවන ක්‍රියාවන්හි නිරතවීමෙන්, මත්පැන් ගැනීම මගින් අත්කර ගත නොහැකි සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල බොහොමයක් අත්කර ගත හැකිය. ඒවා නම්, හෘද ස්පන්දනය වඩා විධිමත් වීම, දියවැඩියාව වැලඳීමේ අවදානම අඩුවීම, රුධිර පීඩනය අඩුවීම, අස්ථි ඝනත්වය වැඩිවීම ආදිය වේ. සිරුරේ අමතර බර ප්‍රමාණය අඩුකර ගැනීමෙන් සන්ධිවල පීඩනය අඩුකර ගැනීමටත්, හෘද පේශියට heart muscle අඩු බරක් දැරීමටත්, එදිනෙදා කටයුතු අපහසුවකින් තොරව කරගැනීමටත් ඔබට උපකාර වෙනු ඇත.

තුන්වෙනි වැරැදි හැගීම වන්නේ මත්පැන් මගින් පියයුරු පිළිකා වැලඳීමේ අවදානම අඩු කරන හෙයින් එමගින් කාන්තාවන්ට සිදුවන්නේ යහපතක්ය යන්නය.පියයුරුවල අර්බුදකාරී ගෙඩි හටගැනීම වර්ධනය කරන ඊස්ට්‍රජන් නම් හෝමෝන මට්ටම් වැඩිකිරීමෙන් මද්‍යසාරය, කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරන බව පෙනී යයි. සතියකට මත්පැන් අවුන්ස 4 1/2 සිට 13 1/2 දක්වා ගන්නා මැදිවියේ කාන්තාවන් 90,000ක් උපයෝගී කරගෙන හාවඩිහි කර ඇති අධ්‍යයනයකදී, ඔවුනට හදවත් රෝග වැලඳීමේ අවදානම 40% කින් අඩුවී තිබුණ ද, පියයුරු පිළිකා වැළඳීමේ අවදානම 30% කින් වැඩිවී තිබූ බව හෙළිවී තිබේ. පියයුරු පිළිකාවලින් පෙළෙන පවුල්වලට අයත්වීම, වයස අවුරුදු 12ට පෙර ඔසප්වීම ආරම්භවීම, ප්‍රථම ගැබ්ගැනීම අවුරුදු 30ට පසු ඇතිවීම, දරුවන් නොලැබීම වැනි පියයුරු පිළිකා වැළඳීමේ අවදානම් තත්වයන් එකකින් හෝ වැඩි ගණනකින් යුත් කාන්තාවන්, මත්පැන් පානය නොකළ යුතුය.



හතරවෙනි වැරැදි හැගීම වන්නේ මධ්‍යස්ථ වශයෙන් මත්පැන් පානය කිරිම යනුවෙන් අදහස් කරන්නේ උපරිම වශයෙන් දිනකට මත්පැන් අවුන්ස 3ක් පානය කිරීම යන්නය. පිරිමින් සඳහා දිනකට නිර්දේශිත මත්පැන් අවුන්ස 3, කාන්තාවන්, වියපත් තැනැත්තියන්, නිර්දේශිත ඖෂධ භාවිත කරන්නන් හා මත්පැන් සමඟ මිශ්‍රවීම සුදුසු නැති, වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නොකරන ඖෂධ භාවිත කරන්නන්ට සුදුසු නැත.ඇමෙරිකානු ආහාර නිර්දේශයන්ට අනුව ගැහැනු, පිරිමින්ට වඩා ශරීර ප්‍රමාණය අතින් අඩු නිසා වැඩි මත්පැන් ප්‍රමාණයක් දවාලීමට ශක්තියක් ඔවුන් සතුව නොමැති හෙයින්, දිනකට මත්පැන් අවුන්ස 1 1/2කට වැඩියෙන් ගැනීම සුදුසු නැත. මීට අමතරව ගැහැනුන්ගේ සිරුරුවල පිරිමින්ගේ සිරුරුවලට වඩා වැඩි මේද ප්‍රමාණයක් හා අඩු ජලය ප්‍රමාණයක් අඩංගු හෙයින්, මත්පැන්වල සැර බාල කිරීමේ ශක්තියක් ඔවුන් සතුව නැත. තවද මෙන් රුධිර මාර්ගයට යෑමට ප්‍රථම, ඒවා බිඳ හෙළීමේ ශක්තියක් ඇති ඇල්කොහොල් ඩිහයිඩ්‍රෝජනීස් නම් එන්සයිම, කාන්තාවන් සතුව ඇත්තේ අඩු ප්‍රමාණයක් හෙයින්,

ඒවා කෙළින්ම ඔවුන්ගේ මොළය කරා යෑමට ඉඩ තිබේ. එබැවින් අවුන්ස 1 1/2 මත්පැන් ප්‍රමාණයද, කාන්තාවන් සම්බන්ධයෙන් පමණ ඉක්මවීමක් ලෙස සැලකිය හැකිය. වැඩි ආයුකාලයක් භුක්ති විඳිනු ලැබුවේ දිනකට වයින්, බියර් හෝ මිශ්‍ර මත්පැන් වීදුරුවක් පානය කළ කාන්තාවන් නොව, සතියකට අවුන්ස 11/2 සිට, එවන් ප්‍රමාණයක් තුන් වාරයක් දක්වා ගත් කාන්තාවන් බව, වසර 12ක් පුරා, මැදිවියේ කාන්තාවන් 85,000ක් උපයෝගී කරගෙන මෑතකදී කර ඇති අධ්‍යයනයකින් හෙළිවී තිබේ. වියපත් බොහෝ දෙනෙක් මෙන්ම, මැදිවියේ පසුවෙන ගැහැනුන් හා පිරිමින් වැඩිදෙනෙක් මත්පැන් සමඟ නොගැළපෙන ඖෂධ භාවිත කරති. හදවත් රෝග සඳහා නිර්දේශිත සමහර ඖෂධ මත්පැන් සමඟ මිශ්‍ර වූ විට, රුධිර පීඩනය බෙහෙවින් පහත වැටී හිස කැරකැවිල්ල,

ක්ලාන්ත ගතිය ආදිය ඇතිවේ. පර්වදාහය arthritis වැනි රෝගවලින් පෙළෙන, දිනපතා ඇස්ප්‍රීන් භාවිත කරන තැනැත්තන් මත්පැන් පානය කළ විට ජඨර ආ න්ත්‍රික රුධිර වහනය gastrointestinal bleeding වීමේ අවදානම වැඩි කරයි. ප්‍රති ආක්ෂේපක anticonvulsant ඖෂධ භාවිත කරන තැනැත්තන් මත්පැන් පානය කළවිට නිඳිමත ගතියක් ඇතිවිය හැකි අතර, එවැන්නන් රිය පැදවීමේදී අනතුරුවලට භාජනයවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඔබ කිසියම් ඖෂධයක් භාවිත කරන්නේ නම්, මත්පැන් හා එම ඖෂධ එකට ගැනීම නිසා අහිතකර ප්‍රතිඵල අත්වේද යන්න පිළිබඳව ඔබේ වෛද්‍යවරයා විමසා දැන ගැනීම බෙහෙවින් වැදගත්ය.

පස්වෙනි වැරැදි හැගීම වන්නේ දිනකට මත්පැන් අවුන්ස 3කට වැඩියෙන් ගැනීමෙන් හදවතට අහිතකර බලපෑම් ඇති විය හැකිය යන්නය. පිරිමින් සම්බන්ධයෙන් නිර්දේශිත ප්‍රමාණය වන සතියකට මන් දෙවාරයකට වඩා ගැනීමෙන් වෙනත් රෝගාබාධ නිසා මරණයට පත්වීමේ අවදානම ශීඝ්‍රයෙන් වැඩිවීමට ඉඩ තිබේ. ඔවුනට අන්නශ්‍රෝතය Oesophagus, ආමාශය, මහබඩවැල සහ ගුදය වැනි ස්ථානවල හටගන්නා පිළිකා නිසා මියයෑමේ අවදානම බෙහෙවින් වැඩිය. තවද ආඝාත හා අක්ම සිරෝසියාව වැනි රෝගාබාධ මෙන්ම මෝටර් රථ අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාවයද වැඩිවේ. මෙතෙක් ලැබී ඇති සාක්ෂි වැඩි හරියකට අනුව, දිනකට මත්පැන් අවුන්ස 3කට වැඩියෙන් ගැනීම (ගැහැනුන් හා වියපත් අය සම්බන්ධයෙන් අවුන්ස 1 1/2 කි) බෙහෙවින් අනතුරුදායකය.



හයවෙනි වැරැදි හැගීම වන්නේ ප්‍රංශ ජාතිකයන් වැඩියෙන් මත්පැන් ගැනීම නිසා ඔවුන් ඇමෙරිකානුවන්ට වඩා වැඩිකල් ජීවත්වෙන බවය.ප්‍රමාණය වාර අටේ සිට දහය දක්වා වන වාර ගණනක් වේ. සංවර්ධිත රටවල් 21ක මත්පැන් පානය කිරීමේ රටාවන් හා මරණ සංඛ්‍යාවන් පිළිබඳව මෑතකදී කර ඇති අධ්‍යයනයකදී, මත්පැන් පානය නිසා ප්‍රංශ ජාතිකයන්ට යහපතට වඩා අයහපතක් සිදුවෙන බවත්, ඒවා පමණ ඉක්මවා අනිසි ලෙස භාවිත කිරීම නිසා, ඔවුන් අත්මා සිරෝසියාව හා හදිසි අනතුරු ආදියෙන් අකාලයේ මියයන බවත්, සිය දිවිනසා ගැනීම් හා වෙනත් විවිධ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවන බවත් හෙළිවී තිබේ.

පසුගිය දශක කිහිපය තුළ ප්‍රංශයේ මත්පැන් පානය ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. 1965 වසරේ ඒක පුද්ගල මත්පැන් පානය ක්වාට් 19ක් වූ අතර, 1988 එය වොට් 14 දක්වා පහත වැටී ඇත. කිරිට ආබාධ නිසා මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 10,000ට 95ක් වූ අතර,| එය පුද්ගලයන් 71ක් දක්වා අඩුවී ඇතුවා පමණක් නොව, මේ කාලය තුළ අක්ම සිරෝසියාව නිසා මියගිය සංඛ්‍යාවද අඩකින් පමණ අඩුවී තිබේ. මත්පැන් විශාල ප්‍රමාණයක් පානය කළවිට හයිපොග්ලීසිමාව Hypoglycaemia (රුධිර සීනි මට්ටම අඩුවීම) ඇතිවේ. මෙයට අප්‍රමාදව ප්‍රතිකාර නොකළහොත් මොළයට හානි සිදුවිය හැකිය. අධික ලෙස මත්පැන් පානය කරන්නන් ආසාදනයන්ට ගොදුරුවීමේ වැඩි නැඹුරුතාවයකින් යුක්ත වන අතර ඔවුන්ට ඇත්තේ අඩු මස්තු ඇම්බියුමින් ප්‍රමාණයකි.දිගටම මත්පැන් ගැනීමෙන්, අක්මාවට හානි සිදු වී, වසර හයක් පමණ,

ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරිම හේතුකොටගෙන, ඇල්කොහොලික් හෙපටයිටිස් නම් රෝගී තත්වයටත්, ඉන් අනතුරුව ඇල්කොහොලික් සිරෝසීස් නම් රෝගී තත්වයටත් ගොදුරු වේ. නිතිපතා මත්පැන් පානය කරන්නන් පෙම්ක්‍රියටිස් Pancreatitis නම් අග්න්‍යශය ඉදිමීමේ රෝගී තත්ත්වයට පත්විය හැකිය.දීර්ඝ කාලයක් මත්පැන් ගැනීම හේතුකොටගෙන ආහාර අරුචියත්, ආමාශයික යුෂ වහනය අඩුවීමත් සිදුවේ. මේ තැනැත්තන් තුළ ඇමිනෝ අම්ල, කැල්සියම්, ෆෝලික් අම්ල හා විටමින් බී 12 ඌනතාවයන් දැකිය හැකිය.

- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස