Meghan-Markles-ex-husband-Trevor-Engelson-father-second-time

බ්‍රිතාන්‍ය රජ පවුලෙහි රැජිනගේ පෙරළිකාර ලේලිය මෙගන් මාර්කල් හැරී කුමරු හා විවාහ වන විට ඇමරිකානු හොලිවුඩ් නිළියකවූ බව මෙන්ම ඇය මින් පෙර විවාහයකින් වෙන්වී සිටි අයෙකු බවත් ප්‍රසිද්ධ කාරණාවකි. ඇය මින් ඉහත විවාහ වී සිටියේ ට්‍රෙවර් එංගල්සන් නමැති හොලිවුඩ් සිනමා නිෂ්පාදකයෙකු සමගිනි.


2011 සිට 2013 දක්වා සසෙක්ස් හි ආදිපාදවරිය මෙගන් සමඟ විවාහ වීසිට වෙන්වූ ඔහු 2019 මැයි මාසයේදී මොන්ටෙසිටෝ හි ට්‍රේසි සමඟ නැවත විවාහ විය.
මෙගන් මාකල් රජ පවුලට සම්බන්ධවූ පසු ට්‍රෙවර් එංගල්සන් ගැනද විවිධ ආරංචි බටහිර මාධ්‍ය තුළ ප්‍රකට වී තිබුණි.  ට්‍රෙවර් එංගල්සන් මෙගන් සමග විවාහයේදී දරුවන් සිටියේ නැත නමුත් ඔහුගේ නව විවාහයේ දැන් දරුවන් දෙන්නෙකි.

අලුත්ම බිලිඳිය පසුගියදා උපත ලැබූ අතර
44 හැවිරිදි හොලිවුඩ් නිෂ්පාදකයා තම පුද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සතුටුදායක පුවත ප්‍රකාශ කළේ
 ‘සියෙනා‘ (Sienna Lee Engelson) නම් ගැහැණු ළමයෙකු බිහි කළ බව හෙළි කරමිනි.Sienna යන්න බ්‍රිතාන්‍ය වැසියන්ට ආගන්තුක නැති නමකි. ඊට හේතුව රැජිනගේ පුත් ඇන්ඩෘ කුමරාගේ බ්‍රියට්‍රිස් දියණිය ඇගේ දියණියට තැබූ නමද එය බැවිනි. එම උපත සිදුවූයේ පසුගිය සැප්තැම්බර් 18 වනදාය. මාසයක් වැනි කාලයක් තුළ එම නමම මේ දැරියටද තැබීම විශේෂිතය
 ට්‍රෙවර්ගේ අලුත උපන් බිළිඳා බියට්‍රිස් කුමරියගේ පළමු දරුවා සමඟ නමක් බෙදා ගැනීම අහම්බයක් නොවන බවත් එය මෙගන් මාකල් සම්බන්ධ කරගෙන කතාවක් නිර්මාණය කරන්නට හෝ ඇයට යමක් දනවන්න සිදු කර ඇති බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි.