මත්පැන් කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සහාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඉකුත් 15 වැනිදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදුකළ සමීක්ෂණයකදී ඊට සහභාගි වූ පුද්ගලයින්ගෙන් සියයට 72 ක පිරිසක් මත්පැන් කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ බවද සභාපතිවරයා කීවේය. මත්පැන් හා දුම්වැටි සම්බන්ධව සිදුකළ මෙම සමීක්ෂණයට වයස් කාණ්ඩ තුනක් යටතේ 1000 කට අධික පිරිසක් සහභාගි වූ බවද
වයස අවුරුදු 17 ත් 30 ත් අතර සියයට 40 ක් වයස අවුරුදු 31-45 ත් අතර සියයට 35 ක් වයස අවුරුදු 45 ට වැඩි සියයට 25 ක් පමණ එම සමීක්ෂණයට සහභාගි කරගත් බවද සමස්ත සමාජයම නියෝජනය වන පරිදි විවිධ අධ්‍යයන මට්ටම්වල පුද්ගලයන් ඊට එක්ව සිටි බවද ඔහු කීය.
මත්පැන් කාලේ බෝතල නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බවද ගොවි ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව පරිසර අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබෙන බවද සමාධි රාජපක්ෂ මහතා පැවැසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත්දා නිකුත් කළ ගෝලීය තත්ත්ව වාර්තාවට අනුවද මත්පැන් කාලේ බෝතලය මගින් ජනතාව අධික බීමත්කමකට යොමුවන බව තහවුරු කර තිබේ.
කාලේ බෝතලය සැර අධික මත්පැන් පානය පහසු කරන හා වැඩිකරන ක්‍රමවේදයක් බවද එම වාර්තාවේ සඳහන් කර තිබේ. මෙරට සමස්ත මත්පැන් පරිභෝජනයෙන් සියයට 54 ක්ම කාලේ බෝතල් ලෙස අලෙවී වන අතර 2019 වසරේදී කළ ගණන් බැලීමකට අනුව මසකට කාලේ බෝතල් ලක්ෂ 90 ක් 1000 ත් අතර ප්‍රමාණයක් අලෙවි වී තිබේ.
-රංජන් කස්තුරි-
0 Comments