දිගු කලතට පසුව සිදුවන ග්‍රහ සංක්‍රමණයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට බලපාන වෙනස්කම් කිහිපයක් ඉදිරි මාසයේදී සිදුවිය හැකි බවට ප්‍රකට ජ්යොතිෂ්යෙව්දීන් කිහිපදෙනෙකුම මේ වනවිට අනාවැකි පළ කර තිබේ. ඒ අය අතර ජ්‍යොතිෂ්‍ය විශාරද ඇම්.පී. ගුණේරිස් මහතා තරුව පුවත්පතට අදහස් දක්වමින් මෙම සංක්‍රාන්තිය ගැන මෙලෙස සටහන් තබා තිබේ.
උපුටාගැනීම ආරම්භය
‘ඥාන කාරක නැප්චූන් ග්‍රහ තාරකාව දෙසැම්බර් 01 වැනි දින සවස 6.54ට කුම්භ රාශියේ දී වක්‍රයෙන් මිදේ. ඒ අනුව 2022 අප්‍රේල් 18 වැනි දින පාන්දර 3.24 දක්වා කාලය ප්‍රබල පෙරළි සිදුවිය හැකි කාලයක් බවට පත් වෙයි. නැප්චුන් ඉන්ද්‍ර ගුරුට සමාන ග්‍රහයකු වශයෙන් සලකනු ලැබේ. නැප්චූන් වක්‍රයෙන් මිදෙන මොහොතේ සුරගුරු හෙවත් බ්‍රහස්පති කුම්භ රාශියේ සිටීම මහා බලසම්පන ග්‍රහ යෝගයක් බවට පත් වෙයි.
ඒ අනුව දෙම්බර් 01 වැනිදායින් පසු මිනිස් සිතුවිලිවල ප්‍රබල පෙරළියක් සිදුවීමේ ඉඩකඩක් පවතී. ජ්‍යොතිෂයට අනුව නැප්චුන් කල්පනා ශක්තිය, බුද්ධිය, ඥානය, ඉදිරිය දැකීමේ නුවණ, ආධ්‍යාත්මය, උද්වේගකර හැඟීම්, භූත බලය නියෝජනය කරන ග්‍රහයාය. ඒ අනුව ඉදිරි කාලය තුළ නොපෙනෙන බලවේග කෙරෙහි මිනිසුන්ගේ තිබෙන භක්තිය වැඩිවීමේ ඉඩකඩක් ද පවතී.
දෙසැම්බර් 01 වැනි දින කුම්භ ලග්න ලංකා කේන්දරයේ ලග්නයේ ගුරු හා නැප්චුන්ය. හතරවැන්නේ රාහුය. නවවැන්නේ සඳු හා කුජය. දහවැන්නේ රවි, බුධ හා කේතුය. එකොළොස්වැන්නේ සිකුරුය. දොළොස්වැන්නේ ශනිය. ලංකා කේන්දරයේ පුණ්‍ය ස්ථානයේ සදු කුජ ගමන් කිරීම ඉතා යහපත්ය. ඒ අනුව ප්‍රබල ආධ්‍යාත්මික පෙරළියක් ද සිදුවීමේ ඉඩකඩක් ද පවතී.
දෙසැම්බර් 01 වැනිදායින් පසු ආගමික නායකයින් ඉතා බලවත් විය හැක. ඔවුන්ගේ අවවාද අනුශාසනාවලට දෙසවන් යොමු කිරීමට ප්රබලයින්ට ද සිදුවිය හැක. සරසවි සිසුන් මෙන්ම සමහර වෘත්තීය සමිති නායකයන් පෙරළි කිරීමට පුළුවන.
මේ අතර ප්‍රබල පෙරළියක් සිදු කිරීමට උත්සාහ කරනු ඇත්තේ මහ සයුරට අධිපති ඉන්ද්‍ර දේවතාවාය. ඒ අනුව ශ්‍රී ලංකාව අවට මුහුදේ දැඩි රළු බවක් වු නිර්මාණය වීමේ ඉඩකඩක් පවතී. ධීවර යාත්‍රාවලට " මෙම නැව්වලට බරපතළ අපල කාලයකට මුහුණ දීමට සිදුවිය හැක. ධීවර යාත්‍රාවක් අතරමං වීමේ ඉඩකඩක් ද පවතී. '
උපුටා ගැනීම අවසන්
0 Comments