පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් අසා පිළිතුරු ලබාගැනීමට රජයට මෙන්ම විපක්ෂයටද ලබාදී තිබූ අවස්ථාව කොවිඩ් තත්ත්වය හේතුවෙන් හෙට (10) සිට යළි ක්‍රියාත්මක කරන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය. ‍මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මීට පෙර අත්හිටුවා තිබුණි.



2020 අංක 07 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත ද හෙට (10) අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ආනයනය යටතේ නිකුත් කර ඇති රෙගුලාසි 1969 අංක 01 දරන අපනයන (පාලන) පනත ද අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


එදිනම දැනට පවතින සංශෝධන සඳහා ආගමන විගමන පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදෙන බව සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා සඳහන් කළේය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වීසා කාලය ගැන සම්බන්ධිත වේ.

මීට අමතරව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝගයේ ගැසට් නිවේදනය හෙට (10) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අද (09) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.