ඊයේ  ජාතික සමගි ජනබල වේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබු විරෝධතා පාගමනට පොලිසිය විසින් බාධා එල්ල කිරීමට පොලිසිය භාර රාජ්‍ය ඇමති සරත් වීරසේකරට විරෝධය පළකරමින් එම පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවයක් සිදුකරනු ලැබුවේය.





අයවැය විවාදයට එක්වෙමින් සමගී ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කර සිටියේ ඊයේ දිනයේදී පොලිසිය විසින් සිය පක්ෂයේ විරෝධතා පාගමනට එරෙහිව සිදුකළ ක්‍රියාවන් නිසා තමන්ට රටපුරා විරෝධතා රැසක් සිදුකිරීමට අවස්ථාවක්ද උදාවූ බවයි.

 කොළඹ පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එක්වීමට පැමිණි විරෝධතාකරුවන්ට බාධා එල්ල කිරීම් සම්බන්ධයෙන් ඔවුහු විරෝධතා පුවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ ප්‍රදර්ශනය කළහ. 

Protest-in-Parliament-against-the-Police-Minister-who-obstructed-the-protest-in-Colombo