Sri-Lanka-to-host-2026-T20-World-Cup

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ඊයේ (16)දා නිවේදනය කළේය. ඒ අනුව එම තරගාවලිය එම වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන බව අයි.සී.සී. ය සඳහන් කරයි.

පළමු සහ අවසන් වරට ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයකට සත්කාරකත්වය ලබාදුන්නේ 2012 වසරේදීය. එහි අනුශුරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.2031 වසර දක්වා වූ කාලය තුළ එක්දින ලෝක කුසලාන 02ක්, විස්සයි20 ලෝක කුසලාන 04ක් හා ශූරයන්ගේ කුසලාන 02ක් පැවැත්වීමට අයි.සී.සී.ය සැලසුම් කර තිබේ. මෙම තරගාවලි සඳහා රටවල් 14ක් සත්කාරකත්වය දරන අතර, ඉන් රටවල් 03ත්ම ටෙස්ට් වරම් නොමැති රටවල් වීම සුවිශේෂීය. අයි.සී.සී. ය දවා සිටි පරිදි 2024 වසරේ (ජූනි මාසයේදී) විස්සයි20 ලෝක කුසලානය ඇමරිකාව හා බ.ඉ. කොදෙව් දූපත්  කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.



2025 වසරේ පෙබරවාරි මාසයේදී ශූරයන්ගේ කුසලානයට පාකිස්තානය සත්කාරකත්වය දරන අතර, ඔවුන් අයි.සී.සී. තරගාවලීයකට සත්කාරකත්වය දක්වන්නේ වසර 29කට පසුවයි.අවසන් වරට අයි.සී.සී. ප්‍රධාන තරගාවලියකට පාකිස්තානය සත්කාරකත්වය දැක්වූයේ 1996 එක්දින ලෝක කුසලාන තරගාවලියටය. 2027 වසරේ ඔක්තෝබර්/නොවැම්බර් මාසයන්හි එක්දින ලෝක කුසලානයේ ප්‍රධාන සත්කාරක රට ලෙස දකුණු අප්‍රිකාව කටයුතු කරන අතර, සිම්බාබ්වේ හා නැමීබියාවද එම තරගාවලීයේ සමසත්කාරක රටවල් ලෙස කටයුතු කරන බව අයි.සී.සී. ය සදහන් කරයි.

2028 වසරේ ඔක්තෝබර් මාසයේදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමසත්කාරකත්වය දැරීමේ අවස්ථාව ඔස්ටේලියාවට හා නවසීලන්තයට හිමිව ඇත.  ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ සත්කාරත්වය දරන්නේද ඔස්ටේ‍්‍රලියාවයි.මේ අතර 2030 වසරේ ජුනි මාසයේදී විස්සයි20 ලෝක කුසලානයටද රටවල් තුනක් සත්කාරකත්වය දරයි. එංගලන්තය එහි ප්‍රධාන රට ලෙස කටයුතු කරන අතර, අයර්ලන්තයට හා ස්කොට්ලන්තයට ද සමසත්කාරක අයිතිය හිමිව ඇත. 2011 වසරේ ඔක්තෝබර්/නොවැම්බර් මාසයන්හි එක්දින ලෝක කුසලානයේ සත්කාරකත්වය ආසියාවට හිමිව ඇති අතර, එය ඉන්දියාවේ හා බංග්ලාදේශයේ පැවැත්වෙන බව අයි.සී.සී.සඳහන් කරයි.


  • 2024 -2031දක්වා අයි.සී.සී. තරගාවලි කාලසටහන
  • 2024 විස්සයි20 - ඇමරිකාව, බ.ඉ. කොදෙව් දුපත්
  • 2025 ශරයන්ගේ කුසලානය - පාකිස්තානය
  • 2026 විස්සයි20 - ශ්‍රී ලංකාව ඉන්දියාව 
  • 2027 එක්දින - දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ/ නැම්බියාව
  • 2028 විස්සයි20 - ඔස්ට්‍රෙලියාව / නවසිලන්තය
  • 2029 ශුරයන්ගේ කුසලානය - ඉන්දියාව
  • 2030 විස්සයි20 - එංගලත්තය/ අයලත්තය/ ස්කොට්ලන්තය
  • 2031 එක්දින - ඉන්දියාව, බංග්ලාදේශය


(සංජීව ධර්මසේන)