බ්‍රිතාන්‍යයේ ඔක්සිෆර්ඩ් විශ්වවිද්‍යාලය යටත් ක්‍රියාත්මක Linacre College නම් අධ්‍යයන ආයතනය ඉදිරියේදී සිය නම Thao College ලෙස වෙනස් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.  වියට්නාමයේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන න්ගුයෙන් ති ෆුඔන්ග් තාඕ විසින් එම විද්‍යාලයට සිදුකර ඇති පවුම් මිලියන 155ක ප්‍රදානයකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම ප්‍රදානය යටතේ ප්‍රථම පවුම් මිලියන 50 හිමිවීමත් සමග මේ සදහා වන අනුමැතිය ඉල්ලා එම විද්‍යාලය දැනටමත් විශ්වවිද්‍යාල කවුන්සිලය වෙත ලිඛිතව දැනුම් දී තිබේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පරිසරවේදීන් ඇතුළු කණ්ඩායම් පවුම් මිලියන 155කට මෙලෙස නම් වෙනස් කිරීමේ තීරණයට විරෝධතාව දක්වා තිබේ. වියට්නාමයේ සුප්‍රසිද්ධ Sovico සමූහයේ ප්‍රධානියා ලෙස තාඕ හඳුනාගෙන තිබේ.

1962 වසරේදී පිහිටවුණු මෙම Linacre විද්‍යාලය, පුනරුද සමයේ සිටි මානවවාදියෙකු, විද්‍යාඥයෙකු සහ සම්භාව්‍ය ලේඛකයෙකු වූ Thomas Linacre වෙනුවෙන් තම් කර තිබේ. මෙම තාඕගෙන් හිමිවන මෙම මුදලින් ඉදිරියේදී නව උපාධි මධ්‍යස්ථානයක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් එම විද්‍යාලය සැලසුම් කර තිබේ.