ac-train-started

තාවකාලිකව නතර කර තිබූ ගල්කිස්ස-කන්කසන්තුරය වායුසමීකරණය කළ නගරාන්තර දුම්රිය සහ කොළඹ-මහනුවර නගරාන්තර දුම්රිය යළි අද (4) සිට ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව, අද (4) පෙරවරු 7.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මහනුවර නගරාන්තර දුම්රිය පෙරවරු 9.35ට මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වේ. මහනුවරින් යළි පස්වරු 3.00ට ආරම්භ කරන එම දුම්රිය පස්වරු 5.30ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය.  කන්කසන්තුරය වායුසමීකරණය කළ නගරාන්තර දුම්රිය පෙරවරු 5.10ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වී, පස්වරු 12.17ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.

නැවත පස්වරු 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත්ව රාත්‍රී 8.00ට කොළඹටත්, රාත්‍රී 8.25ට ගල්කිස්ස දුම්රිය ස්ථානයටත් ළඟා වන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.  මේ අතර, තාවකාලිකව නතර කර තිබූ මහනුවර-කොළඹ දුම්රිය ඊයේ (3) සිට යළි ධාවනය වන බව ද දෙපාර්තමේන්තුව කියයි.  මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.15ටත්,  කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.30ටත් පිටත් වේ.